ජගත් කණහැරආරච්චි
සිංහරාජ අඩවිය හරහා දිවෙන පරිදි ඉදිකිරීමට යෝජිත පොතුපිටිය - ඉළුඹකන්ද - බම්බුමලේ සිට සූරියකන්ද දක්‌වා මාර්ගයේ එක් කොටසක් කිසිදු ලෙසකින් හෝ සංවර්ධනය නොකළ යුතු යෑයි පරිසර ඇමැතිවරයා විසින් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව මගින් යෝජනා කර තිබේ. මේ අනුව ඉළුඹකන්ද සිට බම්බුමලේ දක්‌වා කිලෝමීටර් 4 ක පමණ දුර සහ එතැන් සිට සූරියකන්ද දක්‌වා වූ කිලෝමීටර් 3 ක්‌ද ඇතුළුව ඉළුඹකන්ද සිට බම්බුමලේ දක්‌වාත් එතැන් සිට සුරියකන්ද දක්‌වාත් වැටී ඇති අඩිපාර භාවිතයට පමණක් ගම්වැසියන්ට ඉඩකඩ වෙන්කර සංවර්ධනය කිරීම නොකළ යුතුය යන්න යෝජනා වී ඇතැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා 2 දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
අදාළ කමිටුව මගින් ඉහත මාර්ගය කොටස් දෙකක් ලෙස සලකා තම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර දැනටමත් බස් මාර්ගයක් සේ භාවිතයට ගැනෙන පොතුපිටිය සිට ඉළුඹකන්ද දක්‌වා වූ කොටස මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට තම විරෝධය නැතැයිද කමිටු වාර්තාවේ දැක්‌වේ.
කමිටු වාර්තාව එළිදැක්‌වීමේ අවස්‌ථාවේදී වන සංරක්‍ෂක (මෙහෙයුම්) කේ. පී. ආරියදාස මහතාද කරුණු දැක්‌වූ අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය යන ආයතනවල එකතුවෙන් යුත් කමිටු සාමාජිකයෝද සහභාගි වූහ.
http://www.divaina.com/2011/12/03/news04.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment