නුවන් කොඩිකාර
මඟීන්ට ඉතිරි මුදල් නොදෙන බස් රථ ගැන 1955 ට දැනුම් දෙන ලෙස ගමනා ගමන කොමිසන් සභාව මඟී ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇතැම් බස්රථවලින් ඉතිරි මුදල් නොදෙන බවට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, ඒ පිළිබඳ ඉහත දුරකථන අංකයට වහාම දැනුම් දෙන ලෙසත් ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති රෙෂාන් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
1955 දුරකථන අංකය ඇතුළු විස්තර ඇතුළත් ස්ටිකර් සෑම බස්රථයකම ඇලවීමට මේ සතියෙදී පියවර ගන්නා බවද හෙතෙම කීවේය.
මීට අමතරව සියලුම මඟී බස්රථවල ප්‍රමිතිය සොයා බැලීමටත්, එහිදි පැන නගින අඩුපාඩු පෙන්වාදී කඩිනමින් සකස් කිරිමට කටයුතු යොදන බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය
http://www.dinamina.lk/2012/03/08/_art.asp?fn=n1203086
No comments:
Post a Comment