- ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ
ශ්‍යාම් නුවන් ගනේවත්ත
එළවළු මිල අඩු වන විට එළවළු පරිභෝජනය ඉහළ නැංවිය යුතු බවද, ඒ තුළින් අපේ සෞඛ්‍යයත්, ගොවියාත් රැකගත හැකි බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය.
සෑම වසරකදීම එළවළු අධි සැපයුමක් පවත්නා අවස්‌ථාවලදී එළවළු මිල පහළ වැටෙන බවද එහෙයින් එම අවස්‌ථාවල පවුලේ එළවළු පරිභෝජන රටාව වෙනස්‌කර ගන්නේ නම් එළවළු ගොවියාට මෙන්ම ජනතාවටද සෙතක් සැලසෙන බවද ඇමැ තිවරයා කීවේය.
දිවි නැඟුම තෙවන අදියර පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ සපුගියදා පැවැති සාක ච්ඡාවකදී අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කළේය. දිවි නැඟුම ජාතික වැඩසටහන යටතේ කෘෂිකාර්මික, පශු සම්පත්, ධීවර සහ ගෘහ කර්මාන්ත වශයෙන් අංශ රැසක් පවත්නා බවද කෘෂිකාර්මික අංශය යටතේ මහජනතාවට වස විසෙන් තොර පෝෂණයෙන් ඉහළ නැවුම් එළවළු සහ පලතුරු ගෙවත්තේම වගා කර ගැනීමට අවස්‌ථාවක් සලසා දෙන බවද එළවළු සහ පලතුරු පරිභෝජනය ඉහළ නංවා රටේ මහජනතාවගේ පෝෂණය සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම එහි අරමුණ බවද ඒ මහතා පැවැසීය. අනෙකුත් රටවල ඒක පුද්ගල පලතුරු සහ එළවළු පරිභෝජනය ඉහළ මට්‌ටමක පවත්නා බව ද ඇමැති බැසිල් රාජපක්‍ෂ අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර සිටින්නේ එක් පුද්ගලයකු දැනට ග්‍රෑම් 400 ක් එළවළු සහ පලතුරු ආහාරයට ගතයුතු යෑයිද එහෙත් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල එළවළු සහ පලතුරු පරිභෝජනය ග්‍රෑම් 134 ක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. හෘද රෝග, පිළිකා, ආඝාතය, අධි රුධිර පීඩනය ආදිය කෙරෙහි එළවළු සහ පලතුරු ඌණ පරිභෝජනය හේතුවී ඇතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා එළවළු පරිභෝජනය වැඩිකර ගැනීම මගින් එම රෝගවල බලපෑම අඩුකරගත හැකි බවද කියා සිටියේය.
මේ අවස්‌ථාවට රජයේ අමාත්‍යාංශ රැසක උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.
http://www.divaina.com/2012/03/08/news16.html
No comments:
Post a Comment