Friday, March 9, 2012

මාතලේ ලොකු ලූනු ගොවීන්ට සහන නැතිව ගැටලු

හරිතාගාර පහසුකම් නෑ:
ලූනු බීජ සපයා ගැනීමට බාධා
වගා ඉලක්කය සපුරා ගැනීමත් අසීරුයි


මාතලේ දිස්ත්‍රික් සමූහ ඒ. ඒ. ඇල්. ඩයස්

මාතලේ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණයේ ලොකුලූනු ගොවියාට ප්‍රමාණවත් සහනයක් මෙතෙක් ලැබී නැතැයි ඔව්හු මැසිවිලි නගති. මේ තත්ත්වය නිසා අපේක්ෂිත වගා ඉලක්කය සපුරාලීම ඉතා අපහසු කාර්යයක් වී ඇතැයිද කියති.

ලොකුලූනු වගා කරන මහ පරිමාණයේ ගොවීන්ට හරිතාගාර පහසුකම් සලසාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙළඹී ඇතත් සුළු පරිමාණ ලොකුලූනු ගොවියා කෙරෙහි අවධානය යොමු නොකිරීම මොවුන්ගේ අප්‍රසාදයට හේතුවී ඇත. එබැවින් ඔවුන් පවසන්නේ තමන්ට අවශ්‍ය අවම පහසුකම්වත්, ලබා දෙන්නේ නම් අපේක්ෂිත ඉලක්කය කරා යම් තරමකට හෝ යාමට පහසුවන බවය.

ගලේවෙල හිනපිටයාය පෙදෙසේ පදිංචි ගොවි මහතකු වන ආර්.ඇම්.ජී. විජේරත්න මෙසේ කීවේ ය.

මගේ වෘත්තිය ගොවිතැනයි. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නෑ. පෙර පරිදි මෙවරද මා ලොකු ලූනු වගාව සඳහා බීජ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා ලොකුලූනු මව් අල - කිලෝ 50 ක් දැනට සිටුවා තිබෙනවා. නමුත් මේ බීජ නිෂ්පාදනයට අපට කිසිම පහසුකමක් නෑ.

ලොකු ලූනු බීජ නිෂ්පාදනය කිරීමට හරිතාගාර ලබා දෙන්නේ ඒ සඳහා මුදල් තියෙන අයට රජයෙන් මුදල් කොටසක් දුන් පසු ඉතිරි වියදම තමන් දරන්නට ඕන. සුළු ගොවීන් වන අපට එවැන්නක් කරන්ට හැකියාවක් නෑ.

සුළු ගොවියා ශක්තිමත් නොකර අපේක්ෂිත නිෂ්පාදන ඉලක්කය වෙත යන්ට බෑ. එබැවින් මා ඉල්ලා සිටින්නේ ලොකු ලූනු වගාව සඳහා ලොකු ගොවියාට මෙන් සුළු ගොවීන් වන අපටත් පහසුකම් දෙන්න කියා.

එස්.බී. ආර්. චන්ද්‍රා කුමුදුනී - අපි ගොවිතැනින් ජීවත් වන්නේ. නමුත් ඒ සඳහා පහසුකම් නෑ.


http://www.dinamina.lk/2012/03/09/_art.asp?fn=r1203091

No comments:

Post a Comment