ළදරු කිරිපිටිවලට පාලන මිලක්
විජයානි එදිරිසිංහ
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ළදරු කිරිපිටි වර්ග සඳහා පාලන මිලක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය කරුණු වාර්තා කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපති මර්ෂුක් මහතාට දැනුම් දී තිබේ.
වෙළෙඳ පොළේ මේ වන විට විවිධ වර්ගයේ නම්වලින් යුත් විවිධ ව්‍යාපාරික ආයතන මඟින් නිෂ්පාදනය කරන සහ ආනයනය කරන ළදªරු කිරිපිටි වර්ග දහසකට වැඩි ප්‍රමාණයක් තිබේ. ඒ සෑම කිරිපිටි වර්ගයකම මිල ගණන් එකිනෙකට බෙහෙවින්ම වෙනස් තත්ත්වයක පවතී. ඇතැම් ළදරු කිරිපිටි වර්ගවල මිල පාරිභෝගිකයාට දැරිය නොහැකි තරම් ඉහළ තත්ත්වයක පවතී.
මේ නිසා බොහෝ පාරිභෝගිකයන්ට කිරි පිටි වර්ග මිලදී ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ මිලෙන් වැඩි කිරිපිටි වර්ග පෝෂණයෙන්ද ඉහළම තත්ත්වයක පවතින බවට මතයක් ගොඩැනැඟී තිබීමයි. ඇතැම් වෛද්‍යවරු පවා දරුවන් සඳහා එවැනි මිලෙන් ඉහළ කිරිපිටි වර්ග නියම කරන අවස්ථාද බොහෝ ය.
සමාජයේ පවතින මේ තත්ත්වය වෙනස් කරමින් සෑම දරුවෙකුටම එක හා සමාන ලෙස පෝෂණයෙන් යුත් කිරිපිටි වර්ග ලබාදීමේ අරමුණ මත සෑම කිරිපිටි වර්ගයක් සඳහාම එකම පාලන මිලක් යෙදවීමට මෙසේ තීරණය කර තිබේ.
මේ අනුව ඉදිරි දින කීපය තුළ පාරිභෝගික අධිකාරිය ළදරු කිරිපිටි ගෙන්වීම සහ නිෂ්පාදනය කරන ව්‍යාපාරික ආයතන සමඟද සාකච්ඡා කර මේ පාලන මිල නියම කිරීමට නියමිතය.
http://www.dinamina.lk/2012/03/08/_art.asp?fn=n1203085
ළදරු කිරිපිටි සඳහා පාලන මිලක්
අකිත පෙරේරා
සියලුම වර්ගයේ ළදරු කිරිපිටි සඳහා ''පාලන මිලක්'' නියම කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ (7 දා) උපදෙස් දී ඇත.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි සම්බන්ධව පවතින මිල ඇතුළු කරුණු සලකා බලා පාලන මිලක් ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ (7 දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමැතිවරයා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතාට උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ''දිවයින'' ට පැවසීය.
ඇතැම් කිරිපිටි සමාගම් විසින් හිතුමතේ ළදරු කිරිපිටි මිල ඉහළ දමා ඇතැයි ලැබී ඇති පැමිණිලි ද සලකා බලා මේ තීරණයට එළැඹි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ වෙතත් කිරි පිටි මිල ඉහළ දැමීම සම්බන්ධව ඊයේ (7 දා) කිසිදු තීරණයක් නොගත් බවද හෙතෙම වැඩිදුරත් ප්‍රකාශ කළේය.
http://www.divaina.com/2012/03/08/news09.html
Govt. to control infant milk food prices
by Dasun Edirisinghe
Minister of Co – operatives and Internal Trade Johnston Fernando yesterday instructed the Chairman of Consumer Affairs Authority Rumy Marzook to introduce a control price for infant milk powder with immediate effect.
Milk food importers have threatened to increase the prices of their products.
"We have to protect business community as well as consumers," Minister Fernando said.
He also said that the companies had to think of the economic difficulties of the public when pricing their products.
Milk powder importers had asked for the CAA’s permission to increase the price of 400 g packet of milk powder by Rs. 15.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=46934
No comments:
Post a Comment