Sunday, April 15, 2012

වේගය පැයට කි. මි. 100 යි කාලය පැය 2 1/2 යි මාතරට අධිවේගී දුම්රිය

තාරක වික්‍රමසේකර

කොළඹ සහ මාතර අතර අධිවේගී දුම්රිය ධාවනය ලබන මස සිට ආරම්භ කරන බව දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පවසයි.

මෙරට ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය වන කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි අතර කොළඹ සිට මාතරට පැය දෙකහමාරකින් ගමන් කළ හැකිය.

ආරක්ෂාකාරීව ගමන් කළ හැකි දුම්රිය සේවය මඟින් කඩිනමින් ගාල්ල - මාතර ඇතුළු දකුණේ පළාත් කරා මඟී ජනතාවට ගමන් කළ හැකි අතර ඉන්දියාවෙන් නව බලවේග කට්ටල දුම්රිය 20 ක් හා එන්ජින් තුනක් ද ඇතුළුව මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇමෙරිකන් ඩොලර් මිලියන 167 ක් වැය කෙරේ.

වසරකට අධික කාලයක් කොළඹ - මාතර අතර දුම්රිය ධාවනය සිදු නොවූ අතර පසුගිය 11 දා දුම්රිය ධාවනය යළි අරඹන ලදි.


http://www.silumina.lk/2012/04/15/_art.asp?fn=aa12041511

No comments:

Post a Comment