Friday, April 6, 2012

බෝපත්ඇල්‍ලේ සංචාරක පහසුකම් සඳහා රු. ලක්ෂ 100 ක්

දිවයිනේ වඩාත්ම ජනප්‍රිය සුන්දර දිය ඇල්ල ලෙස සඳහන් වන කුරුවිට බෝපත්ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම්ඇති කිරීම පිණිස විධිමත් වැඩ පිළිවෙළක් ආරම්භ කෙරේ.

16.03.2012 දින ‘ලක්බිම’ පුවත්පතේ පළවූ වාර්තාවට අනුව සබරගමුව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශය හා කුරුවිට ප්‍රාදේශීය සභාව එක්ව මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගේ.

සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස නම් කර ඇති කුරුවිට බෝපත්ඇල්‍ලේ සංචාරක පහසුකම් නැංවීම සඳහා රුපියල් ලක්ෂ 100ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.

පැමිණෙන සංචාරකයින්ගේ වර්ධන වේගයක් පෙන්නුම් කර ඇතත් ඔවුන්ට ඉන් ලැබෙන පහසුකම් අවම මට්ටමක පැවතීම නිසා සබරගමුව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශය ඊට මැදිහත් විය.

මෙහි කටයුතු සොයා බලා ඊට පිළියම් ලබාදීම සඳහා සබරගමුව පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම් හා සංචාරක අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා පසුගියදා බෝපත්ඇල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

වාහන අංගනය විධිමත් ලෙස සංවර්ධනය කිරීමත්, වැසිකිළි කැසිකිළි පද්ධතිය නවීකරණය කිරීමත්, ජල පහසුකම් විසඳීමත් ඇල්ල ආසන්නයේ ළමා උද්‍යනයක් ඉදිකිරීම සඳහා මෙම ප්‍රතිපාදන වෙන් කෙරිණි. සබරගමු පළාත් සංචාරක අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 50 ක්ද කුරුවිට ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 50 ක්ද ප්‍රතිපාදනය වෙන් කෙරේ.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2821:kkeifjfe&catid=43:foot-drink&Itemid=400

No comments:

Post a Comment