Saturday, April 14, 2012

අවුරුදු බස් සේවාව සම්බන්ධ පැමිණිලි 124ක්

පානුක රාජපක්ෂ, අචලා ධර්මසේන

මගී ජනතාවට අවුරුදු සමයේ ගම්බිම් බලා යාමට ආරම්භ කළ අන්තර් පළාත් අවුරුදු බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට එය ආරම්භ කළ ඉකුත් 5 වැනිදා සිට මේ දක්වා පැමිණිලි එකසිය විසිහතරක් ලැබි ඇත.අධික ගාස්තු අය කිරීම, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම, නියමිත වේලාවට ගමනාන්තයට ළඟා නොවීම, අසීමිතව මගීන් පැටවීම, වායු සමීකරණ යන ්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන කරුණු ප්‍රධාන වශයෙන් එම පැමිණිලි අතර වන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.මෙම වැරදි සඳහා අදාළ බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් හා බස් හිමියන්ගේ ලියාපදිංචි හැඳුනුම්පත අවලංගු කිරීම, පරිපාලන ගාස්තු ගෙවීමට සිදුවීම, තම වියදමින් පුහුණු වැඩසටහන්වලට අනුයුක්ත වීම, ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීම සහ බලපත්‍ර අවලංගු කිරීම දක්වා වූ දඬුවම්වලට යටත් කිරීමට ක්‍රියා කරන බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2972:-----124-&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment