Wednesday, April 4, 2012

හේනානිගල අභය භූමියේ ඝාතනය - වනජීවියේ සැක තිදෙනා 16 දා තෙක්‌ රිමාන්ඩ්

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග



සැකකරුවන් වූ වනජීවී නිලධාරීන් තිදෙනා අධිකරණයට රැගෙන ආ අයුරු.

හේනානිගල වනජීවී අභය භූමිය ප්‍රදේශයේදී දඩයක්‌කරුවකුට වෙඩි තබා ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන් තිදෙනා දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් මේ මස 16 දින දක්‌වා බදුල්ල රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (3 දා) නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්‍ෂ්මන් මුල්ලේගම මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඔවුනට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර වෘක්‍ෂලතා හා වනජීවී අංක 22 දරන පනතින් ඔවුන් වනජීවී සම්පත් ආරක්‍ෂා කිරීමට කටයුතු කර ඇති බව ද කීය.

මෙම සැකකරුවන් 23 දින අම්පාර මහාධිකරණයට කැඳවා ඇප ලබාදීමට හැකිද යන්න සොයා බැලීමට තීරණය කර ඇත.


http://www.divaina.com/2012/04/04/news08.html

No comments:

Post a Comment