Saturday, April 7, 2012

දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගය 19 වැනිදා සිට මුළුමනින්ම විවෘතයි

අකිත පෙරේරා

ප්‍රතිසංස්‌කරණ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණු දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගය, ලබන 19 වැනිදා සම්පූර්ණයෙන්ම දුම්රිය ගමනා ගමනය සඳහා විවෘත කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

එම දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයකට යා හැකි වන පරිදි ඉන්දීය ණය ආධාර මත ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

ඒ යටතේ ගාල්ල සිට කළුතර දක්‌වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්‌කරණය කෙරෙණු අතර ප්‍රථමයෙන් ගාල්ල සිට මාතර දක්‌වාද පසුව ගාල්ල සිට අලුත්ගම දක්‌වාද ඉදිකිරීම් කටයුතු අවසන් කොට දුම්රිය ධාවනයට යෙදවිණි.

පසුව අළුත්ගම සිට කළුතර දක්‌වා මාර්ග කොටස්‌ ප්‍රතිසංස්‌කරණය කරන ලද අතර ඉන්දීය ඉර්කෝන් සමාගම විසින් ඉදිකිරීම් සිදු කරනු ලැබිණි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට එම මාර්ගයේ සීමිත දුම්රිය ගමන් වාර කිහිපයක්‌ සිදු කිරීමටද නියමිතය.


http://www.divaina.com/2012/04/07/news02.html

No comments:

Post a Comment