Tuesday, April 10, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 19දාට පසු වෘත්තීය ක්‍රියාමාර්ගයේ

ඒමන්ති මාරඹේ

ප්‍රධාන සේවා ඉල්ලීම් තුනක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් මෙම මස 19 වැනිදායින් පසු දීපව්‍යාප්ත අකුරට වැඩ කිරීමේ හා ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාවක්‌ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පෙරේදා (08 දා) පැවැති පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ විධායක කමිටු රැස්‌වීමේදී මෙම තීරණය ගත් බව එම බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය. මේ අනුව 19 වැනිදායින් පසු එළඹෙන දින කිහිපය තුළදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් දියත් කරන බව ඔහු සඳහන් කළේය.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ මාසික ඇමැතුම් දීමනාව වැඩි කිරීම, වසර 07 කින් ලබා නොදුන් පළමු ශ්‍රේණියේ උසස්‌වීම් ලබාදීම හා රැකියා විරහිත පරිපූරක වෛද්‍ය උපාධිධාරින් වහා සේවයට බඳවා ගැනීම යන සේවා ඉල්ලීම් මුල් කරගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් කරා යොමු වන බව හෙතෙම කීවේය. මෙම ඉල්ලීම් ඇතුළු සේවා ඉල්ලීම් 10 ක්‌ මුල් කර ගෙන පරපුරක වෛද්‍ය වෘත්තිකයන් විසින් මාර්තු 13 වැනිදා සිට ක්‍රියාත්මක කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර වාරණ නියෝගයක්‌ මත මාර්තු 22 වැනිදා අත්හිටුවනු ලැබීය.


http://www.divaina.com/2012/04/10/news26.html

No comments:

Post a Comment