Monday, April 9, 2012

2009 දී ඈවර වීමට තිබූ තිස්සමහාරාම සමුපෙන් රු. කෝටියකට වැඩි ලාභයක්

ලුණම සමුහ සනත් ගමගේ

2009 වසරේදී ඈවර කිරීමට නියමිතව තිබූ තිස්සමහාරාම සමුපකාර සමිතිය රුපියල් කෝටිය ඉක්මවූ ශුද්ධ ලාභයක් ලබා තිබේ.

ලක්‍ෂ 50ක පමණ පාඩුවක් ලබා තිබූ තිස්සමහාරාම සමූපකාර සමිතිය 2009 වසරේදී ඈවර කිරීමට සැලසුම් කර තිබිණි. වත්මන් කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම මත 2010 වසරේදී නව අධක්‍ෂ මණ්ඩලයක් පත් කර සමිතිය යළි ක්‍රමයෙන් ලාභ ලබන්නට විය.

2010 වසරේදී විගණන වාර්තාවට අනුව සමිතිය රුපියල් එක් කෝටි දාහතර ලක්‍ෂ හයදාස් එකසිය පනස් එකක ශුද්ධ ලාභයක් ලබා ඇති බව වත්මන් සභාපති ඒ. එල්. කේ. ජයන්ත මහතා සඳහන් කරයි.

එම ලාභයෙන් 10%ක් වැටුපට සමාන වැටුපක් මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සමිතියේ සේවකයන්ට ප්‍රසාද දීමනා වශයෙන් ලබා දීම පසුගියදා කථානායක ආර්යා චන්ද්‍රා රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n1204097

No comments:

Post a Comment