Saturday, April 14, 2012

ජල මණ්‌ඩලයේ කෝටි 24 ක වංචාව යට ගැසීම විගණන ආචාරධර්ම උල්ලංඝනය කිරීමක්‌

- විගණන සේවා සංගමය

රනිල් ධර්මසේන

ජාතික ජලසම්පාදන හා ජලා පවහන මණ්‌ඩලයේ 1996 වර්ෂයේ සිට 2006 දක්‌වා කාලයේදී සිදුව ඇති රුපියල් කෝටි 24 ක මූල්‍ය වංචාවක්‌ පැහැදිලිවම අනාවරණය කරගැනීමට හැකිව තිබියදී එවකට විගණන නිලධාරීන් ලෙස කටයුතු කළ වත්මන් විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක්‌ එය හෙළි නොකර යට ගැසීම බරපතළ වරදක්‌ හා විගණන ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‌ බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති එච්. එම්. කේ. හේරත් මහතා පැවසීය.

එම මණ්‌ඩලයේ විගණන කටයුතු සිදු කළ කණ්‌ඩායමේ එවකට ප්‍රධානීන් ලෙස කටයුතු කළේ වර්තමාන විගණකාධිපතිවරයා බවත්a විගණන නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා රුපියල් කෝටි 24 ක්‌ විනාශ වූ බවත් හෙතෙම කීය.

මෙම වංචාව පිළිබඳව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට පැමිණිලි කර ඇති බවත් එමෙන්ම ජනාධිපති හා මැති ඇමැතිවරුන්ද දැනුවත් කර ඇති බවත් කී හේරත් මහතා වංචාවට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට දඬුවම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රජයට වගකියන ප්‍රධාන ආයතනය රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වන අතර එවැනි ආයතනයක දූෂණවලට දිරිදෙන පුද්ගලයන් සිටීම බරපතල තත්ත්වයක්‌ බවද සභාපතිවරයා කීය.

රුපියල් කෝටි 24 ක මූල්‍ය වංචාව යට ගසන නිලධාරීන් වහාම සේවයෙන් පහ කරන්න බලකරමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පවත්වන බවද පසුගියදා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටියේය.


http://www.divaina.com/2012/04/12/news15.html

No comments:

Post a Comment