Saturday, April 7, 2012

වාහන ආනයනය ගිය වසරේ සියයට 244 කින් වැඩිවෙලා

රනිල් ධර්මසේන

ඉකුත් 2009 වර්ෂයට සාපේක්‍ෂව වාහන ආනයනය කිරීම පසුගිය 2011 වර්ෂයේදී සියයට 244 කින් පමණ වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා රේගු මූලාශ්‍රවලින් අනාවරණය වෙයි.

2009 වර්ෂයේදී වාහන 211,679 ක්‌ ආනයනය කර ඇති අතර පසුගිය 2011 වර්ෂයේදී ආනයනික වාහන සංඛ්‍යාව 523,963 ක්‌ දක්‌වා වැඩි වී ඇත.

2009 දී යතුරුපැදි 139,000 ක්‌ ගෙන්වා ඇති අතර ඉකුත් වසරේදී එම ප්‍රමාණය 252,318 දක්‌වාත් ත්‍රිරෝද රථ 2009 වර්ෂයේදී 34,563 ක්‌ ගෙන්වා ඇති අතර එය 2011 වර්ෂයේදී 137,816 ක්‌ දක්‌වාත් වැඩි වී තිබේ.

එමෙන්ම 2009 වර්ෂයේදී ආනයනික වෑන් හා කැබ්රථ ප්‍රමාණය 170 ක්‌ වුවත් එය ඉකුත් වර්ෂයේදී 12,838 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. ඉකුත් වර්ෂයේදී පමණක්‌ මෝටර් රථ 54,285 ක්‌ ආනයනය කර තිබේ. වාහන සඳහා අයකර තිබූ බදු ප්‍රමාණය 2009 වර්ෂයේදී අඩු කරන ලද අතර ඉකුත් සතියේදී නැවතත් ආනයනික බදු ප්‍රමාණය රජය විසින් වැඩි කරන ලදී.


http://www.divaina.com/2012/04/07/news03.html

No comments:

Post a Comment