Saturday, April 7, 2012

අවුරුදු නැකතට පැළ ලක්ෂ 30ක් සිටුවයි

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකතට පැළ ලක්ෂ 30ක් සිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. “අද වවමු පැළයක් හෙට නෙළමු ඵලයක් යන තේමාව යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.පාසල් නිවාඩු ලබාදුන් පෙරේදා (5) දා මේ පැළ සිසුන් වෙත ලබා දී තිබේ.

අවුරුදු වැඩ ඇල්ලීමේදී තම මවුපියන් එක්ව පාසල් දරුවන්ට මේ පැළ සිටුවීමට උපදෙස් ලබා දී තිබෙන බිවත් පරිසර සංරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව සහ ආහාර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම යන මහින්ද චින්තනයේ සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙහි අරමුණ වන බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

මේ වැඩසටහන දිවි නැඟුම ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන අතර පාසල් සිසුන්ගේ පැළ තවාන් මඟින් ලබා ගත් පැළ මෙන්ම පොල් සංවර්ධන අමාත්‍යංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, ඇතුළු අමාත්‍යංශ ගණනාවකින් පැළ ලබා දී තිබේ.


http://www.dinamina.lk/2012/04/07/_art.asp?fn=n1204072

No comments:

Post a Comment