Sunday, April 15, 2012

උතුරේ තවත් පවුල් 42,638 කට සමෘද්ධි දීමනා

උතුරු නැඟෙනහිර පළාත්වල අලුත් පවුල් 42,638 ක් මෙවර සමෘද්ධි දීමනා ලැබීමට අලුතින් සුදුසුකම් ලබා ඇති බවද ඔවුන් සඳහා රුපියල් ලක්ෂ 4454.8 ක් වැය කරන බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊට අමතරව ඒ පවුල්වලට උපත්, විවාහ, මරණ දීමනා, ස්වයං රැකියා දීමනා ආදිය ලබාදෙන බවද ඇමැතිවරයා කීය.

සමෘද්ධි ලාභීන් 1583961 කට සෙත සලසමින් සමෘද්ධි ලාභීන් ගේ දීමනා සියයට 33 ක් වැඩි කිරීමට රජය තීරණය කළ බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව සංශෝධන අනුව රුපියල් 900 දීමනාව ලැබූ ප්‍රතිලාභීන්ට එම දීමනාව 1200 දක්වා වැඩිවේ. රුපියල් 250 දීමනාව ලැබූ අයට ඒ දීමනාව රුපියල් 615 දක්වා වැඩිවේ.

මුලතිව්, මන්නාරම, කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට හා යාපනයේ දිස්ත්‍රික්කයේ මරුන්කර්නි, වවුනියාව දිස්ත්‍රික්කයේ වව්නියාව උතුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට ද අලුතින් සහනාධාර ලබාදීමට කටයුතු කර ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීය.


http://www.silumina.lk/2012/04/15/_art.asp?fn=aa1204154

No comments:

Post a Comment