Tuesday, April 17, 2012

කතරගම මැණික්‌ ඉඩමක ඉල්ලම් පස්‌ සොරකමට ඇමැති ආරක්‍ෂකයන් දෙදෙනා ඇතුළු 5 ක්‌ රිමාන්ඩ්

කතරගම තම්මැන්නා භූමියේ අංක 02 ඉඩම් කැබැල්ලේ රහසිගතව ඉල්ලම් හාරා ඉල්ලම් පස්‌ හොරෙන් ප්‍රවාහනය කරමින් සිටි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනාද මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සේවකයන් දෙදෙනා හා බුත්තල ව්‍යාපාරිකයා අද (17 වැනිදා) දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා නියෝග කළේය. මහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ මෙම මැණික්‌ ඉඩම් පසුගියදා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී. අවුරුදු නිවාඩුවට මෙම මැණික්‌ ඉඩම් තුළ ඉල්ලම් හෑරීම නවතා තිබියදී ඇමැති ආරක්‌ෂකයන් නීති විරෝධී අයුරින් මෙම අන් සතු ඉඩම්වලින් ඉල්ලම් පස්‌ රැගෙන ගොස්‌ ඇති අතර කතරගම පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‌ෂක නිලධාරියකු වන හේරත් මුදියන්සේලාගේ විඡේකෝන් බණ්‌ඩාර දිසානායක, මුදියන්සේලාගේ කරුණාරත්න සහ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සේවයේ නියුතු කංකානම් ගමගේ දයානන්ද, වික්‍රමආරච්චිගේ ලෙනාඩ් හා බුත්තල ප්‍රදේශයේ ඩී. චාමින්ද යන පිරිසයි.

මෙම වැටලීම් සිදු කළේ කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති අයි. එච්. ටී. බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන්ට කතරගම ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරු මතයි.


http://www.divaina.com/2012/04/17/news02.html

No comments:

Post a Comment