Monday, April 9, 2012

මන්නාරමේ මෙදා අස්වනු වැඩියි - ගොවියකුගෙන් වී කිලෝ 5000ක් මිලට ගනී

අමිල ප්‍රභාත් වනසිංහ

මන්නාරම දිස්ත්‍රික්කයේ එක් ගොවියකුගෙන් වී කිලෝ පන්දහස (5000) බැගින් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇත.

මෙතෙක් ගොවියකුගෙන් වී කිලෝ තුන්දහසක් (3000) මිලදී ගනු ලැබීය. එහෙත් එම දිස්ත්‍රික්කයේ ගොවීන් බහුලව වී වගා කර තිබීමෙන් වැඩි වී අස්වැන්නක් පවතින හෙයින් මේ තීරණයට එළඹි බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර කළමනාකරු බන්දුල කුමාර මහතා සඳහන් කරයි.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ගොවීන් සිදු කළ ඉල්ලීමක් අනුව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ. බී. ජයසිංහ මහතාගේ උපදෙස් මත වී මිලදී ගැනීමේ ප්‍රමාණය ඊයේ (08) සිට ක්‍රියාත්මක කරන ලදී. මන්නාරම් දිස්ත්‍රික්කයේ වී කිලෝවක් 28 – 30 අතර මුදලකට මිලදී ගනු ලබන අතර වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන තුනක් (03) පිහිටුවා ඇත.

එම දිස්ත්‍රික්කයේ එක් ගොවියකු අක්කර පහක (05) පමණ වී වගා කරන අතර මෙතෙක් මිලදී ගත් වී කිලෝ තුන්දහසේ (3000) ප්‍රමාණය පන්දහස (5000) තෙක් වැඩි කිරීමෙන් ගොවීන්ට සිය වී අලෙවි කර ගැනීමට පහසුව සැලසෙන බවද වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර කළමනාකරු බන්දුල කුමාර මහතා සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර හතළිස් දහසක (40000) පමණ වී වගා කර තිබෙන අතර ඉන් තවමත් සියයට හැටක (60%) පමණ ප්‍රමාණයක අස්වනු නෙළීමට ද ඇත.


http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n1204095

No comments:

Post a Comment