Saturday, April 7, 2012

රු. 50000ක් අල්ලස් ගත් වන නිලධාරියා කොටුවෙයි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද

බලපත්‍රයක කාලය දීර්ඝ කිරීම සඳහා රුපියල් 50000 ක අල්ලසක් ගත් බීට්ටු වන නිලධාරියකු පෙරේදා (05) කන්තලේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම කියයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තඹලගමුව බීට්ටු කාර්යාලයේ සේවය කරන මෙම නිලධාරියා ග්‍රවෙල් බලපත්‍රයක කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අල්ලසක් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදු කළේය.

ත්‍රිකුණාමය කන්තලේ මාර්ගයේ 91 හන්දියේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් මේ අල්ලස එම පුද්ගලයා ලබා ගන්නා විට විමර්ශණ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


http://www.dinamina.lk/2012/04/07/_art.asp?fn=u1204078

No comments:

Post a Comment