Saturday, April 14, 2012

මත්තල ගුවන්තොට සමඟ ගනුදෙනුවට සමාගම් 6ක් සූදානම්

ලුණම සමහ - සනත් ගමගේ

හම්බන්තොට මත්තල ඉදිකිරීම් නිමවන ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගුවන්යානා ගොඩ බැස්සවීම සඳහා ගුවන් සමාගම් 06 ක් මේ වනවිට එකඟතාවය පළකර තිබෙන බව ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පවසයි.

මෙරට ඉදිකෙරන දෙවන අන්තර් ජාතික පරිසර හිතකාමී ගුවන්තොටුපළ ඉදිකිරීම් ප්‍රගතිය හා සෙසු සේවා සැපයීම සම්බන්ධව ප්‍රගති සමාලෝචනය කිරීමේ මාසික රැස්වීම පසුගිය 10 දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රවණාගරයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

නාගරික සංවර්ධන අමාතයාංශය මඟින් මෙම කලාපය තුළ ගුවන්තොටුපළට සමඟාමීව දැනට තිබෙන කුඩා ග්‍රාමීය නගර තුනක් සුපිරි නගර බවට පත් කිරීමට සැළසුම්කර තිබේ. පහළ මත්තල හංදිය, පහළ අන්දර වැව හා පඩවිකෙම යන ගම්මාන වෙයි. මෙම කුඩා නගර සංවර්ධනය යටතේ මලික සේවා ස්ථාන මෙහි ආරම්භ කිරීමට සැළසුම්කර තිබේ. එමෙන්ම ගුවන් සේවා ගම්මානයක්ද පහළ අන්දරවැව ප්‍රදේශයේ බදි කිරීමට සැලසුම්කර තිබේ.

ගුවන් තොටුපළ ඉදිකිරීම් කටයුතු සිදුකරන මලික අදියර සඳහා හෙක්ටාර 800 ක්ද දෙවන අදියර සඳහා හෙක්ටාර 1200 ක් වශයෙන් හෙක්ටාර 2000 ක් මේ සඳහා වෙන්කර ඇත. මෙම නගර සංවර්ධන කටයුතු හෙක්ටාර 2000 න් ඔබ්බට සිදුවන හෙයින් ඒ සම්බන්ධව පාරිසරික ඇඟයීම් වාර්තාවක් ලබාගත යුතු බවට මෙහිදී සාකච්ඡා කෙරිණි.

පරිසර හිතකාමී ගුවන් තොටුපළක් හෙයින් පරිසරයට සිදුවන හානි සම්ප”ර්ණ”යන් අවම කිරීමට අදාළ සැළසුම් සකස් කෙරේ. ඇමැතිවරයා මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ දැනට ඉදිකිරීම් වලින් සියයට 68 ක ප්‍රගතියක් ඇති බවය. ගුවන් පථයේ සියලුම වැඩ ජූනි මාසයේ අවසන් කිරීමට කටයුතු කරනවා.නොවැම්බර් මාසය වනවිට සියලුම ඉදිකිරීම් නිමකර පරීක්ෂණ යානා ගොඩබස්සවා පළමු අදියර මේ වසරේ අගභාගයේ විවෘත කිරීමට හැකි වේ. විදුලිය ලබා ගැනීම සම්බන්ධව වැඩ කටයුතු හා ජලය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බව එම ආයතන ප්‍රධානීහු මෙහිදී ඇමැතිවරයාට දැන්වීය.

ගුවන් තොටුපළ සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලබා ගැනීම, රේගු කටයුතු, කේටරින් සේවය, පොදු ප්‍රවාහන සේවාව, තැපැල්, විදුලි සංදේශ සේවා ඇතුළු සියළුම සේවා සැපයීම සිදු කිරීමට අදාළ අංශ දැනටමත් මලික කටයුතු සදානම් කර තිබෙනවා.

ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. විතානගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජනරාල් රොහාන් දළුවත්ත, ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති කමල් රත්වතතේ, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රසන්න වික්‍රමසරිය මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එත්ව සිටියහ.


http://www.dinamina.lk/2012/04/12/_art.asp?fn=n1204129

No comments:

Post a Comment