Monday, April 9, 2012

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළ ජපානයේ පැසැසුමට

මහින්ද අලුත්ගෙදර

දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන වැඩ පිළිවෙල සමස්ත කලාපයට ම අතිශය වැදගත් බව ජපානය පවසයි.

මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මඟින් බටහිර ආධිපත්‍යයෙන් නිදහස් වීමටද හැකිවන බව ජපානයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෂිමි සූ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගි වෙමිනි. මවුබිම ලංකා පදනම මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළේය.

ස්වයංපෝෂිත ආර්ථිකයක් සඳහා දේශීය ක්‍රම අගයමින් ඉදිරියට යන රටක් ලෙස ශ්‍රී ලංකාව කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකර තිබෙන බව පෙන්වා දෙන ජපාන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා එය ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයටම අතිශය වැදගත් තත්ත්වයක් බවද පෙන්වා දුන්නේය.

සංවර්ධනය වන රටවල දේශීය නිෂ්පාදන නොසළකා හරින තත්ත්වයට අද වනවිට බටහිර රටවල් ක්‍රියාත්මක වී තිබෙන බවද ඒ නිසාම දේශීය නිෂ්පාදනය යන සංකල්පය වර්ධනය කළ යුතුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙවැනි අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කළයුතු බව සඳහන් කළ ෂිමි සූ මහතා ඒ මඟින් කලාපීය වශයෙන් ශක්තිමත් වීමටද හැකි බව පෙන්වා දුන්නේය.

මවු බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n12040910

No comments:

Post a Comment