Saturday, April 14, 2012

දර කැබැල්ලක්‌වත් කපන්න ඉඩ නොදුන් ආරච්චිකට්‌ටුව කුරුලු අභය භූමියේ ගස්‌ හොරෙන් කපාගෙන යනවා

ප්‍රා. සභා සභාපති ජගත් සමන්ත

දුම්මලසූරිය - සෝමවීර ගම්ලත්

ආනවිලුන්දාව කුරුලු අභය භූමිය තෙත් බිම් ප්‍රදේශයක්‌ ලෙස නම් කොට තිබෙනවා. විවිධ පක්‍ෂීන් ගැවසෙන මේ ප්‍රදේශය තුළින් පසුගිය කාලවල දර කෑල්ලක්‌වත් කපන්න අවසර දුන්නේ නැහැ. පක්‍ෂීන්ට ආහාර පිණිස දර කැබැලිවල කෘමීන් ජීවත්වන නිසයි එලෙස දර කැපීමට ඉඩ ලබා නුදුන්නේ.

නමුත් අද වන විට රහසිගතව මෙම කුරුලු අභය භූමියෙන් ගස්‌ කපාගෙන ගෙනියන තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි මෙම කුරුලු අභය භූමිය නැරඹීමට විදේශීය සංචාරකයන් පවා එනවා. දැනට මෙම අභය භූමියෙන් ගස්‌ හතකට වැඩි ප්‍රමාණයක්‌ වරින් වර කපා ගෙන ගොස්‌ තිබෙනවා. මේ සම්බන්ධව විෂය භාර ඇමැතිවරයාටත් අනුරාධපුරය වනජීවී නිලධාරි කාර්යාලය වෙතත් දැනුම් දිය යුතුව ඇතැයි ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා පැවැසීය.

පසුගියදා පැවැති ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී ඒ මහතා මේ බව පැවැසීය. ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රධාන රැස්‌වීම් ශාලාවේදී මෙම රැස්‌වීම පැවැත්විණි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී කතා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජානක උපුල් එදිරිසිංහ (එජනිස) මහතා මෙසේ කීය.

ආනවිලුන්දාව කුරුලු අභය භූමිය ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා තිබෙන වටිනා සම්පතක්‌ ලෙස සැලකෙනවා. ඉදිරි කාලයේදී සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා ප්‍රාදේශීය සභාවට ආදායම් මාර්ගයක්‌ බවට පත්විය හැකියි. අපේ ප්‍රදේශයේ තිබෙන සම්පත් වෙන ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් විනාශ කරනවා නම් එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. අභය භූමිය තුළින් ගස්‌ කපාගෙන පිටට ගෙන යන තුරු ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දන්නේ නැහැ කියල කියන කතාව අපිට පිළිගන්න බැහැ.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා - නල්ලදරන්කට්‌ටුව දේවාලය ආසන්න ඉඩම පිළිබඳව දිස්‌ත්‍රික්‌ ලේකම්තුමිය මගින් පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා. ජල ගැලීම් අවස්‌ථාවලදී පවුල් 400 ක්‌ පමණ ඒ ස්‌ථානයෙන් නිසි පරිදි ජලය බැස නොයැම නිසා අපහසුතාවට පත්වෙනවා. ජලය බැස යැම සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ නැහැ. මේ ස්‌ථානයේ අඩි 15 ක්‌ පළලට ඇළක්‌ කපන්න කියල ඉංජිනේරුවරයා කියා තිබුණා. මෙම ඇළ කැපීම සඳහා එම ඉඩමෙන් අඩි 18-20 ක්‌ පමණ ප්‍රමාණයක්‌ ප්‍රාදේශීය සභාවට පවරාගන්න ඕනෑ.

එච්. එම්. කැලුම් නිශාන්ත (එජාප) මහතා(- පසුගිය කාලය තුළ මෙය ලොකු ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබුණා. ඒ ප්‍රදේශය යටවෙන්නේ හරියාකාරව කාණු පද්ධතියක්‌ නොමැතිකම නිසයි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා - ඇළ සකස්‌ කෙරෙන කොටස ඔප්පුවක්‌ මගින් ප්‍රාදේශීය සභාවට පවරාගෙන ඇළ කැපීම සිදුකරන්න ඕනෑ. රජය මගින් ප්‍රතිපාදන වෙන්කරන අවස්‌ථාවේදී එය බැඳීම සිදුකරන්න ඕනෑ. නැත්නම් උඩින් පස්‌ කඩාගෙන වැටෙනවා. කොන්ක්‍රීට්‌ බැම්මක්‌ බැඳීමෙන් එය අඩුවෙනවා. පසුව එය කරන්න පුළුවනි.

බත්තුළුඔය සිට උඩප්පුව දක්‌වා කොටසට තාර දැමීම සිදුකොට අවසන් වූ පසුව බොරළු දැමීම ආරම්භ කරන්න ඕනෑ.

කේ. හෙව්වනාමූර්ති (උප සභාපති) මහතා(- තාර දමා පාර හදල තිබෙන තැන සිට ඉතිරි කොටස හැදිය යුතුයි කියල මා යෝජනා කරනවා. ඉතා ඉක්‌මනින් මේ කටයුත්ත කරන්න කියල සඳහන් කරන්න කැමතියි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- හැම ග්‍රාම සේවා වසමක්‌ම සංවර්ධනය කිරීමට රුපියල් ලක්‍ෂ 10 කට වැඩියෙන් ප්‍රතිලාභ ලැබී තිබෙනවා.

එම්. ප්‍රභාත් ප්‍රනාන්දු (එජනිස) මහතා(- මේ වන විට කුරුක්‌කුපනේ හා හලාවත ධීවරයන්ට ගැටලු කීපයක්‌ මතුවී තිබෙනවා. මේ ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට නයාරු ප්‍රදේශයේ ධීවර රැකියා කිරීමට ඉඩ ලැබුණා. වාරකන් පවතින කාලවලට ධීවරයන්ට මුහුදු යැමට නොහැකි වී තිබෙනවා. එනිසා මෙම ධීවරයන්ට යම් සහනයක්‌ ලබාදෙන්න කියල ඉල්ලීමක්‌ කරන්න කැමතියි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- ධීවරයන්ට රැකියාව කරන්න බැරි තත්ත්වයක්‌ තිබෙනවා නම් එයට විසඳුමක්‌ ලබා ගැනීමට වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා වෙත ඉල්ලීමක්‌ කරන්න.

එච්. එම්. ඇනිසිටස්‌ සිල්වා (එජාප) මහතා(- හලාවත ප්‍රදේශයේ ධීවරයෙක්‌ තෙල් ප්‍රශ්නය නිසා පසුගිය කාලයේ ජීවිතක්‍ෂයට පත්වුණා. ඇන්ටනී ප්‍රනාන්දු වන ඔහුගේ පවුලේ අයට සහයෝගය දක්‌වන්න එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා. බෝට්‌ටු තුනක්‌ දැල් ආම්පන්න ආදියත් අනෙක්‌ අයටත් ලබා දුන්නා. එනිසා එතුමාට ප්‍රණාමය පුදකර සිටිනවා.

ආරච්චිකට්‌ටුව සිඟිති උයන අසල තිබෙන විදුලි ට්‍රාන්ස්‌ෙµdaමරය නිසා අනතුරුදායක තත්ත්වයක්‌ මතුවී තිබෙනවා. මේ නිසා එය අසල ඉඩමේ කඩ ටික හදන්න බැරි තත්ත්වයක්‌ද තිබෙනවා. මා ගියවර ඉදිරිපත් කළ යෝජනා පළගැන්වෙයි කියල මා සිතනවා.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- ක්‍රීඩා පිටියේ කටයුතු මේ වසර අවසන් වෙන්න කලින් කරන්න බලාපොරොත්තු වෙනවා. පැවිලියන් එක පසුව හදන්න පුළුවනි. ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීම අපහසු වී තිබෙන්නේ බිම මඩ වෙන නිසයි. එය සකස්‌ කිරීමට සියයට පනහකට වඩා ශ්‍රම දායකත්වයක්‌ අරගෙන කරන්න පුළුවනි. ඒ අනුව හොඳ ක්‍රීඩාපිටියක්‌ හදාගන්න පුළුවන් වෙයි.

ජානක උපුල් එදිරිසිංහ (එජනිස) මහතා(- විල්පත ප්‍රදේශය තුළ ජල හිඟයක්‌ පවතිනවා. විශේෂයෙන් බීමට ජලය ලබා ගැනීමේ අවදානම් තත්ත්වයක්‌ තිබෙනවා. ප්‍රාදේශීය සභාව මගිනුත් මෙයට විසඳුම් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක්‌ තිබෙනවා. රණවිරුවකුගේ අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාවේදී ප්‍රාදේශීය සභාව මගින් ජල බවුසරයක්‌ ලබාදීමට ක්‍රියා කළා.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- ග්‍රාමසේවා වසම් 43 ක්‌ මේ බල ප්‍රදේශය තුළ තිබෙනවා. මෙම ග්‍රාම සේවා වසම්වල මාර්ගවලට බොරළු දැමීමට ගමේ ට්‍රැක්‌ටර්, ගමේ ශ්‍රම දායකත්වය ලබාගෙන කරන්න ඕනෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට බොරළු ලබාදීම සීමා කරල තිබෙනවා. හලාවත ආසනය සඳහා බොරළු ලබා ගැනීමට ස්‌ථානයක්‌ නැහැ. ඉඩමක්‌ වෙන් කරල දෙන්න කියල කීවත් ආසන සංවිධායකවරයකුගේ අනුමැතිය ඇතිවයි එය සිදුවෙන්නේ.

ජානක උපුල් එදිරිසිංහ (එජනිස) මහතා(- ආණමඩුව ආසනය තුළින් තමයි අපිට බොරළු ප්‍රවාහනය කරන්න සිදුවෙලා තිබෙන්නෙ. මෙයට විකල්පයක්‌ හැටියට ආසන සංවිධායකවරුන් තිදෙනා සමග සාකච්ඡා කර තීරණයක්‌ ගන්න ඕනෑ.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- සංවර්ධන වැඩකටයුතු කරගෙන යැමේදී යම් බාධාවන් ඇතිවෙනවා නම් ඒවා ඉවත්කර ගන්න ඕනෑ.


http://www.divaina.com/2012/04/12/news04.html

No comments:

Post a Comment