Sunday, April 15, 2012

මාර්ගය නවීකරණය වූ පමණින් මගීන්ට සෙතක්‌ සැලසේද?

දුම්රිය හෝ මහාමාර්ග නවීකරණය කිරීමේ අවසාන අරමුණ විය යුත්තේ එහි ගමන් ගන්නා මගීන්ට වඩාත් සුවපහසුව සිය ගමනාන්තය දක්‌වා ගමන් කිරීමේ අවස්‌ථාව සලසා දීමයි. මෙහි දී වඩාත් සුවපහසුව යනුවෙන් අදහස්‌ කරන්නේ මහ මග කාලය කා දැමීමකින් තොරව වඩාත් කඩිනම්ව ඇඟ පත පොඩි කරගැනීමකින් තොරව හෙට දිනයේ යළිත් සිය කටයුතුවල යෙදිය හැකි ලෙස ගමනාන්තයට ළඟාවීමයි. අප රටේ පවත්නා බොහෝ දුම්රිය මෙන්ම මහාමාර්ගද වර්තමානයේ දී නවීකරණයට ලක්‌වන්නේ එම අරමුණ ද පෙරදැරිව විය යුතුය.

එසේ වුවත් මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය මගින් ඉහත සඳහන් අරමුණුවලින් කෙතරම් සංඛ්‍යාවක්‌ ඉටුකර ගත හැකි වේද යන්න ගැටලුසහගතය. මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය මගින් මහ මග කා දැමීමට සිදුවන කාලය අඩුවිය හැකි වුවත් එම මාර්ගයේ ගමන් ගත් මගීන් මෙතෙක්‌ කාලයක්‌ මුහුණ දුන් දුර්ගුණයන් නම් තවදුරටත් වර්ධනය වන ලකුණු පහළ වීඇති බව නම් සඳහන් කළ යුතුව ඇත.


Read full article: http://www.divaina.com/2012/04/15/feature21.html

No comments:

Post a Comment