Wednesday, April 4, 2012

රජරට වකුගඩු රෝගය සහ කැඩ්මියම් ප්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි කිරීමක්‌

ශ්‍රී ලංකා වෛද්‍ය සංමගමය විසින් පසුගිය දිනක පවත්වනු ලැබූ රජරට වකුගඩු රෝගය පිළිබඳ වූ සැසිය සඳහා තම පර්යේෂණ අනාවරණයන් ඉදිරිපත් නො කරනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් තමන් වෙත ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක්‌ සිදු නො කරනු ලැබූ හෙයින් බව, කෘෂි ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් බණ්‌ඩාර මහතා පවසයි. රජරට වගුගඩු රෝගය සහ ජලයේ අන්තර්ගත කැඩ්මියම් අතර වූ සබැඳියාව හෙළිදරව් කළ පර්යේෂණ කණ්‌ඩායම් මෙහෙයවනු ලැබුවේ මහාචාර්ය බණ්‌ඩාර මහතා විසිනි. තමන් මේ වන විට විදෙස්‌ගත ව සිටින හෙයින් අදාළ සැසිය පිළිබඳව දැනුවත් ව සිටියේ නම් අවම වශයෙන් පර්යේෂණ කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන් හරහා හෝ පර්යේෂණ වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමේ අවස්‌ථාවක්‌ තිබූ බව ද හෙතෙම පවසයි. දිවයිනේ උතුරුමැද ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන් හා ජලාශයන් තුළ හමු වන කැඩ්මියම් ප්‍රමාණයන් හා වකුගඩු රෝගය අතර සබැඳියාව දැක්‌වෙන මෑතක දී සිදු කළ පර්යේෂණ අනාවරණයන් ද ඉදිරිපත් කිරීමට තමන් මේ වන විට කටයුතු යොදමින් සිටින බව ද ඔහු තවදුරටත් පවසයි.

http://www.vidusara.com/2012/03/28/news5.html

No comments:

Post a Comment