Sunday, April 15, 2012

අපි වවමු - අපි හැදෙමු

කම්මැලියන්ට පොඩි එවුන්ගෙන් ආදර්ශයක්‌!


අපේ අතීත මුතුන් මින්තන් අපට දායාද කළ විස්‌මිත නිර්මාණ ලොවට පෙන්වමින් අපි අභිමානවත් ජාතියක්‌ යෑයි පුරසාරම් දොඩවන අය වෙමු. එදා ලෝකයේ ධාන්‍යාගාරය ලෙස මව්බිම සශ්‍රීක කළ රජ දරුවන්ගේ මහ වැව් අමුණු ආදිය තවමත් අපේ රටේ කෘෂි නිෂ්පාදානයට ඉහළ දායකත්වයක්‌ සපයන දැවැන්ත ව්‍යාපෘතීන්ය. නිදහසින් පසුව බිහිවූ ගොවිජන පද බොහෝමයක්‌ම කේන්ද්‍ර වූයේද රජ දරුවන්ගේ වාරි පද්ධති මුල් කොටගෙනය. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි දැවැන්ත ව්‍යාපෘති රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ඉහළ යැමට ප්‍රබල දායකත්වයක්‌ විය. මහවැලියට පසුව ක්‍රියාත්මක කළ මොරගහකන්ද, කළු ගඟ වැනි ව්‍යාපෘති මන්දගාමී වුවත් රඹකැන් ඔය ව්‍යාපාරය සාර්ථකත්වයට ළඟ වී ඇතිබව පෙනෙයි. මේ තුළින් පහළ ඌවේ කුඹුරු අක්‌කර 2500 ක්‌ අලුතින් අස්‌වැද්දෙන අතර යළ මහ දෙන්නයේ මෙහි අස්‌වැන්න ජාතික නිෂ්පාදිතයට එකතුවෙනු ඇත. මෙහි නේවාසික ව්‍යාපාර කළමනාකාර ඒ. ඩී. ඩී. එස්‌. ඉන්ද්‍රසේකර මහතා පවසන ආකාරයට මෙම ව්‍යාපාරය යටතේ ලංකාවේ දිළිදුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය එම තත්ත්වයෙන් මිදෙනු ඇත. රිදීමාලියද්දට රඹකැන්ඔය ජලය නොලැබුණත් එම ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති ගණනාවක්‌ රිදීමාලියද්දේ ක්‍රියාවට නංවා ඇත. ඒ අතර හරිතාගාර වගා ක්‍රමය විශේෂ වූ ජයග්‍රහණයක්‌ ලබා ඇත. බෝංචි, තක්‌කාලි, මාළුමිරිස්‌ ආදී උඩරට වැවෙන සියලුම ආකාරයේ එළවළු මෙම හරිතාගාරය තුළ සාර්ථකව ඵල දරාතිබෙනු දැකගතහැකි විය. නිවසේ තිබෙන ළිඳෙන් ලබාගන්නා ජලය හරිතාගාරය තුළ වර්ෂාවක ආකාරයෙන් විසිරී යන ලෙස සකසා ඇත. බාහිර පරිසරයට විවෘත නොවන නිසා මේ වගාවන්ට කෘමි හානි ද නැත. එබැවින් කෘමිනාශක අවශ්‍යතාවක්‌ද නැත්තේය. ඕනෑම රළු භූමියක ආරම්භ කළ හැකි වන ආකාරයට වගාවන් කරනු ලබන්නේද පොලිතින් මලු තුළය. මේ වනවිට රිදී මාලියද්දේ ගොවිජනතාවට ඉහළ ආදායම් ලබාදෙන ව්‍යාපෘතියක්‌ බවට මෙය පත්වී ඇත.
Read full article: http://www.divaina.com/2012/04/15/feature33.html

No comments:

Post a Comment