Monday, April 9, 2012

ඉහළ කොත්මලේට මහ වැසි; සෙන්ට් ක්ලෙයාර් හරිම සුන්දරයි

අසේල කුරුළුවංශ

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පෙරේදා (07) සිට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි වාන් දොරටුවක් විවෘත කර ඇත.


සෙන්ට් ක්ලෙයාර් දියඇල්ලේ සුන්දරත්වය මේ දිනවල තවත් ඔප් නැංවී ඇති අතර නුවරඑළිය වසන්ත සැණකෙළිය සඳහා පැමිණෙන ජනතාවට මෙම සුන්දර දසුන දැක ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.


වාන් දොරටුව විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඔය දෙපස දිය නෑමට පැමිණෙන පිරිස් ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පවසයි.

තවදුරටත් අඛණ්ඩව වැසි ලැබුණ හොත් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 6 න් තවත් කිහිපයක් විවෘත කරන බව එහි ඉංජිනේරුවරු පවසති.


http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n1204093

No comments:

Post a Comment