නුවන් කොඩිකාර
එළඹෙන උත්සව සමයේදී දිවයිනේ සෑම ප්‍රදේශයකටම කිසිදු හ¼ිගයකින් තොරව ඉන්ධන බෙදාහැරීම සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සියලු පියවර ගෙන තිබේ. ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් සමඟ ඊයේ (09) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් තෙල් බෙදා හැරීම සුපුරුදු පරිදි සිදු කිරීමට එකඟ වූ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පැවැසීය.
මේ පිළිබඳ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතාගෙන් “දිනමිණ” කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ විෂය භාර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ කළ සාකච්ඡා සාර්ථක වූ බවයි.
ඉන්ධන බෙදාහරින බවුසර් සඳහා ගෙවනු ලබන ප්‍රවාහන ගාස්තු මේ වන විට සියයට 18 කින් වැඩි කර ඇති අතර එළඹෙන ජූනි මාසයෙන් පසු එය යම් සංශෝධනයක් කරදීමට එකඟ වූ බවද ඒ මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා සාකච්ඡාව ලබාදීමට එකඟ වූ මොහොතේ සිට සිය වර්ජනය අත්හළ බවත්, සිය සංගමයේ සියලුම සාමාජිකයන් තෙල් බෙදා හැරීම සුපුරුදු පරිදි සිදු කරන බවත් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2012/04/10/_art.asp?fn=n1204105
No comments:
Post a Comment