Sunday, April 15, 2012

විදුලිය අමාත්‍යාංශයෙන් විදුලිය පූජාවක්

විදුලිය බලය සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ මෙරට සියලු විහාරස්ථානවලට සී.එෆ්.එල්. විදුලි බුබුළු නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙරට විදුලි අවශ්‍යතාවෙන් 86% ක්ම මේ වන විට ඉන්ධන මඟින් සැපයීමට සිදුවී ඇති නිසා විදුලිය බලය ඉතා අරපරිස්සමින් භාවිතා කළ යුතු බව අමාත්‍යාංශය පවසයි. කොළඹ ගංගාරාමය, බෙල්ලන්විල රජ මහා විහාරය හා මහරගම ධර්මායතනය යන විහාරස්ථානවලට මේ වන විට සි.එෆ්.එල්. විදුලි බුබුළු ලබාදී ඇති බවත් ක්‍රමයෙන් රටේ සියලු විහාරස්ථානවලට නොමිලේ සී.එෆ්.එල්. විදුලි බුබුළු ලබාදෙන බවත් අමාත්‍යාංශය පවසයි.


http://www.silumina.lk/2012/04/15/_art.asp?fn=aa1204159

No comments:

Post a Comment