Monday, April 9, 2012

අවුරුදු කාලේ මිලට ගන්න කෑම බීම ගැන විමසිලිමත් වෙන්න

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමය

සන්ධ්‍යා කරුණාරත්න

අවුරුදු සමයේ පාරිභෝගිකයන් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳ කල්පනාකාරීව හා විමසිලිමත් වෙමින් මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

උත්සව සමය එළැඹීමත් සමඟ තම සංගමයේ නිලධාරින් රට පුරා ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කරමින් වැටලීම් සිදු කරන බවත් පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී කල් ඉකුත් වූ හා ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කළ බවත් එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

මේ දිනවලදී පාරිභෝගිකයන් විසින් ආහාර ද්‍රව්‍ය වැඩිපුර මිලදී ගැනීම් සිදු කරන අතර එහිදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, එහි ප්‍රමිතිය යනාදිය පිළිබඳ විමසිල්ලක් නොදක්වා මිලදී ගැනීම් සිදු කරන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඇතැම් ආහාර ද්‍රව්‍යවල ලේබල් ඉවත් කර හෝ වෙනස් කර පාරිභෝගිකයන්ට ආහාර අලෙවි කරන බවට ද තොරතුරු ලැබී ඇත. විශේෂයෙන්ම කේක්, බිස්කට් වැනි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි ලේබල් පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද සෙනරත් බණ්ඩාර මහතා පැවැසුවේය.

අවුරුදු උත්සව සමයේ පාරිභෝගිකයන්ට ගුණාත්මක බවෙන් යුත් ආහාර ද්‍රව්‍ය ලබාදීමේ අරමුණෙන් තම නිලධාරින් විසින් ආහාර ද්‍රව්‍ය පිළිබඳ සොයා බලා වැටලීම් සිදු කරන බව ද ඒ මහතා කීය.


http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n1204092

No comments:

Post a Comment