Friday, April 6, 2012

Cancers in upcountry (2 items)

පිළිකා රෝගය උඩරට බහුලව පැතිර ගිහින්

ගම්පොළ සමූහ

උඩරට ප්‍රදේශයේ වතු ආශි‍්‍රතව හා ගම්මාන ප්‍රදේශවල පිළිකා රෝගය බහුල ලෙස පැතිර ගොස් ඇති බව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ උපදේශක ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්.ජී.ජයවික්‍රම මහතා සඳහන් කරයි.

මෙම ප්‍රදේශ වල බහුල ලෙස දැකිය හැකි පිළිකාවක් ලෙස ගලනාලය හා ආමාශගත පිළිකා වැඩි බව හඳුනාගෙන ඇති බවත් මේ සඳහා මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියා හේතු වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට පමණක් මෙවැනි රෝගීන් මසකට 20ක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද පසුගිය වසර කීපයේ මෙහි වර්ධනයක් ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

පිළිකා රෝගයට හේතුවන බුලත්විට කෑම, බීඩි, සිගරට් හා සුරුට්ටු බීම මෙන්ම මත්පැන් පානයද වතු ප්‍රදේශවල කම්කරු ජනයා බහුල ලෙස සිදු කිරිම මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට හේතු වී තිබෙන බව පෙන්වා දෙන ජයවික්‍රම මහතා පිළිකාවට බලපාන ප්‍රධාන හේතුව වන අඩු පෝෂණ තත්ත්වය ද මෙයට හේතුව වී ඇති බව පෙන්වා දෙයි.

උඩරට ප්‍රදේශයේ ගම්බද ජනයා අතර බුලත්විට කෑම හා බීඩි බීම බහුලව දැකිය හැකි අතර මෙම අවිධිමත් ක්‍රියාව නතර කරවීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පෙන්වා දේ.

කෙසේ නමුත් මෙම පිළිකා තත්ත්වය සඳහා අවශ්‍ය ශල්‍යකර්ම සිදු කිරීම සඳහා නාවලපිටිය රෝහලේ විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ වෛද්‍යවරයාට වඩා රෝගියාගේ පහසුව අනුව මෙම ශල්‍යකර්ම සිදු කිරීමයි. මේ නිසාම පොරොත්තු ලේඛනයෙන් තොරව සියලු රෝගීන්ට මෙම ශල්‍යකර්ම ඉතා ඉක්මනින් හා පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවී ඇති බව මෙම රෝගීහු පවසති.

මේ පිළිබඳ වෛද්‍ය ජයවික්‍රම මහතා සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් ප්‍රතිකාර සඳහා බිය නොවී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන ලෙසයි.


http://www.dinamina.lk/2012/04/06/_art.asp?fn=n12040611


උඩරට වතු ආශ්‍රිතව පිළිකා රෝගය පැතිරේ

ගම්පොළ - සුරංග දිල්හාන්

උඩරට ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හා ගම්මාන ප්‍රදේශවල පිළිකා රෝගය බහුල ලෙස පැතිර ගොස්‌ ඇති බව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ උපදේශක ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්. පී. ජයවික්‍රම මහතා පැවැසීය.

මෙම ප්‍රදේශවල බහුල ලෙස සැළකිය හැකි පිළිකාවක්‌ ලෙස ගලනාලය හා ආමාශගත පිළිකා වැඩි බව හඳුනාගෙන ඇති බවත් මේ සඳහා මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියා හේතු වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට පමණක්‌ මෙවැනි රෝගීන් මසකට 20 ක්‌ පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද පසුගිය වසර කීපය තුළ මෙහි වර්ධනයක්‌ ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

පිළිකා රෝගයට හේතුවන බුලත්විට කෑම, බීඩි, සිගරට්‌ හා සුරුට්‌ටු බීම මෙන්ම මත්පැන් පානයද වතු ප්‍රදේශවල කම්කරු ජනයා බහුල ලෙස සිදු කිරීම මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට හේතු වී තිබෙන බව පෙන්වා දෙන ජයවික්‍රම මහතා පිළිකාවට බලපාන ප්‍රධාන හේතුව වන අඩු පෝෂණ තත්ත්වය ද මෙයට හේතුවක්‌ වී ඇතැයි පවසයි.


http://www.divaina.com/2012/04/06/news17.html

No comments:

Post a Comment