Thursday, April 5, 2012

Crocodile attack kills student at Akuressa (4 items)

මුහුණ සේදීමට නිල්වලාවට ගිය උසස් පෙළ සිසුවිය කිඹුලාට බිලි

පැය තුනකට පසු සිරුර සොයා ගනී
සතියක් ඇතුළත සිදුවූ දෙවැනි දඩයම
බෝට්ටුවලින් ගඟ පීරයි


අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු මාතර දිසා විශේෂ ජස්ටින් කොඩිකාර හා මාලිම්බඩ සමූහ

අකුරැස්ස පොලිස් වසමට අයත්, උතුරු මාලිම්බඩ, දූවවත්ත නැමැති ස්ථානයේ පදිංචිව සිටි, 18 හැවිරිදි නුවන්තිකා තත්සරණි නැමැති පාසල් ශිෂ්‍යාව මුහුණ සෝදා ගැනීමට තම මව සමඟ නිල්වලා ගඟ වෙත ගොස් සිටියදී උදෑසන 6.30ට පමණ දැවැන්ත කිඹුලෙක් ඇයව ඩැහැගෙන ගොස් ඇත.

මුහුණ සෝදා ගැනීමට පහත්වී සිටියදී , එකවර පැමිණි කිඹුලකු ඇයගේ හිසින් අල්ලා ගෙන ගඟ පතුලට ඇදගෙන ගොස් ඇත. දියණියගේ දෙපාවලින් ඇද ඇයව ගොඩට ඇද ගැනීමට මව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.


කිඹුලාට ගොදුරුවූ සිසුවිය මාර/ පාලටුව මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබන්නියකි. ඇයට තවත් එක් සහෝදරයෙකු සිටී.

මෙම පුවත සැලවීමත් සමඟ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. එල්. සුනිල් මහතා යාන්ත්‍රික බෝට්ටුවක් යොදා ගම්වාසීන්ගේ සහයෝගය ද ඇතිව මහත් පරිශ්‍රමයක් දරා රුවන්තිකාගේ සිරුර උදේ 9.30ට පමණ ගොඩට ගැනීමට සමත් වී ඇත.

අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවේ දැඩි කැපවීමකින් කටයුතු කළ අයුරු දැකගත හැකිවිය.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති එස්. විජේරාම මහතා ඇතුළු නිලධාරීන්ගේ ද දායකත්වය නොඅඩුව ලැබී තිබේ.

පසුගිය සතියේද මේ ස්ථානයට නුදුරින් රෙදි සෝදමින් සිටි කාන්තාවක් කිඹුලකු ඩැහැගෙන ගොස් තිබුණි. කිඹුල් උවදුරින් ජනතාව බේරාගැනීමට කඩිනම් ක්‍රමවේදයක් වහා සැකසිය යුතුව ඇතැයි ප්‍රදේශවාසීහු කියා සිටිති.


http://www.dinamina.lk/2012/04/05/_art.asp?fn=n1204051


නිල්වලා ගඟෙන් මුහුණ සේදීමට ගිය පාසල් සිසුවිය කිඹුලාට බිලි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චන්ද්‍රදාස කොඩිතුවක්‌කු මාතර සහ සමන් උපුල් පිණිදිය අකුරැස්‌ස

පාසල් යැමට පෙර මුහුණ සෝදා ගැනීමට නිල්වලා ගඟට ගිය පාසල් දැරියක මිනීමරු කිඹුලකු විසින් ඊයේ (04 වැනිදා) උදේ ඩැහැගෙන ගොස්‌ ඇත.

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා සතියක්‌ තුළදී ඩැහැගත් දෙවැනි මිනිස්‌ බිල්ල මෙය වෙයි.

මෙම ෙ€දජනක සිද්ධියට මුහුණ පා ඇත්තේ අකුරැස්‌ස, මාලිම්බඩ උතුර පදිංචිව සිටි ඩී. කේ. නුවන්තිකා සත්සරණි නමැති 16 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය පාලටුව ගුණරතන ජාතික පාසලේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.

මිනීමරු කිඹුලා විසින් ඩැහැගෙන ගිය පාසල් සිසුවියගේ මෘත ශරීරය ප්‍රදේශවාසීන් විසින් පැය කීපයකට පසු නිල්වලා ගඟේ තිබියදී සොයාගෙන ඇත.

සිසුවිය වෙනදා මෙන් පාසල් යැමට පෙර තම නිවසට පිටුපසින් වූ නිල්වලා ගඟේ මුහුණ සේදීමට ගිය අවස්‌ථාවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත.

ගතවූ වසර දහය තළදී නිල්වලා ගඟේ සිටින කිඹුලන් විසින් මිනිසුන් විස්‌සකට අධික ප්‍රමාණයක්‌ ඩැහැගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

මීට දින කීපයකට උඩදී මාලිම්බඩ ප්‍රදේශයේදී නිල්වලා ගඟ අසබඩ රෙදි සෝදමින් සිටි තිදරු මවක වන කලුගේ කාන්ති නමැත්තියද මිනීමරු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස්‌ තිබුණි.

මේ පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, මාතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අකුරැස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එන්. එස්‌. විඡේරාම මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.


http://www.divaina.com/2012/04/05/news06.html


Schoolgirl killed in crocodile attack

By Chandrasasa Kodituwakku and Saman Udul Pinidiya

In yet another crocodile attack in the Akuressa police area, a 16-year-old schoolgirl was killed at Malimbada (north) yesterday morning.

The police identified the victim as D. K. Nuwanthika Sathsarani. The police quoted villagers as having said that the victim was washing her face in the Nilwala Ganga when a crocodile attacked her and dragged her deep into the river. Sources said that the girl was a Grade 12 student of the Palatuwa National School.

The police said that a few days earlier a crocodile had killed Kaluge Kanthi, a mother of three as she was washing clothes at Malimbada.

In spite of a spate of crocodile attacks the government was yet to take tangible action to protect those who depend on the Nilwala Ganga for their daily needs, villagers said.


The latest victim’s body hadn’t been found at the time this edition went to press.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49079


Schoolgirl attacked by crocodile

Matara district special and Malimbada group cor

An 18-year-old schoolgirl attached to Gunaratna Vidyalaya, Palatuwa had been dragged away by a crocodile when she ventured into the Nilawala Ganga beside her house in Malimbada North around 6am yesterday for her morning ablutions.

The victim was identified as D Ruwanthika Tathsaranee.

The girl had raised cries on seeing the crocodile within a short distance.

But the crocodile had dragged her and disappeared into the river before her parents rushed to the scene.Neighbours with the help of Akuressa Police had deployed boats to search for her.Akuressa Police said this is the second crocodile attack reported in the Kadduwa- Malimbada area within the last few days.

http://www.dailynews.lk/2012/04/05/news11.asp

No comments:

Post a Comment