Thursday, April 5, 2012

Crocodile attacks: Need of an answer

කිඹුල්ලු මැරීම තහනම්

නීතිය හමුවේ ජනතාව අසරණයි
පසුගිය වසරේ 25ක් කිඹුලන්ට බිලි
උවදුරට ජනතාව පිළිසරණ පතති


විජයානී එදිරිසිංහ

ගංගා ආශි‍්‍රත බොහෝ ප්‍රදේශවල ජන ජීවිතයට කිඹුල් තර්ජනය දිනෙන් දින වැඩිවෙමින් පැවතියත් කිඹුලන්ට හානියක් සිදු නොකිරීමේ නීතිය හමුවේ ආරක්ෂක අංශ මෙන්ම මහජනතාව අසරණ වී සිටිති.

පසුගිය වසරේ පමණක් කිඹුල් තර්ජනයට ලක් වූ සංඛ්‍යාව විසිපහක් පමණ වේ.

කිඹුලන්ගෙන් මිනිස් ජීවිතවලට මොනතරම් හානි සිදුවුවත් කිඹුලන්ගේ ජීවිතවලට කිසිදු හානියක් සිදු කිරීමට පොලිසියට නීතියෙන් ඉඩක් නොමැති බව පොලිසිය කියයි.

කිඹුලකුට ගොදුරු වූ පුද්ගලයකු බේරා ගැනීමට කිඹුලෙක් මරා දැමූ මාතර තරුණයන් දෙදෙනකු සිරදඬුවම් ලබා ඉන් නිදහස් වී පැමිණ තිබුණේද මීට සතියකට පමණ පෙරයි.

පසුව පොලිසිය සහ ගම්වාසීන් එකතු වී ගඟඉවුරේ සඟවා තිබූ දැරියගේ සිරුර බේරාගෙන එන අවස්ථාවේ මිනීමරු කිඹුලා කිහිපවරක් එහා මෙහා ගොස් තිබුණි.

කෙසේ හෝ දැරියගේ සිරුර ගොඩට ගෙනඒම හැර කිඹුල් ජීවිතයට හානියක් කිරීමට හැකියාවක් හෝ ඉඩක් මහජනතාවට නැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.


කඹුරුපිටියට කිඹුල් කොටු 4ක්

කඹුරුපිටිය සමූහ

නිල්වලා ගඟේ කිඹුල් උවදුරෙන් ප්‍රදේශවාසීන්ට වන ගැහැට මඟහරවාලීම සඳහා කඹුරුපිටිය ප්‍රදේශයේ කිඹුල් කොටු 4 ක් ඉදිකිරීමට පියවර ගන්නා බැව් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන සිරිබද්දන මහතා කීය.

http://www.dinamina.lk/2012/04/05/_art.asp?fn=n1204053

No comments:

Post a Comment