Monday, April 9, 2012

Warning: New Year Accidents (2 items)

ගිනිකෙළි වැඩ පරෙස්‌සමෙන්
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි


සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී රතිඤ්Æ හා ගිනිකෙළි මෙන්ම හදිසි අනතුරු විශාල ලෙස වැඩි වන බැවින් ප්‍රවේශමෙන් අවුරුදු සමරන්න යෑයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අවුරුදු පහළොවට අඩු දරුවන් අනතුරුවලට වැඩි වශයෙන් ගොදුරු වන බවද පසුගිය කාලයේ වාර්තාවල සඳහන්ව ඇතැයි ද එම නිවේදනයේ සඳහන්ය.

පසුගිය වසරවල අවුරුදු මාසවලදී රතිඤ්Æවලින් දරුවන් දහයක්‌, පහළොවක්‌ පමණ සාමාන්‍යයෙන් අඳ භාවයට පත්වී ඇතැයි ද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

එනිසා අවුරුදු සමයේදී දරුවන් පිළිබඳව වඩා විමසිල්ලෙන් පසුවී අනතුරු වළක්‌වා ගෙන සතුටින්, සැනසුමින් විනෝද වන්න යෑයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය එම නිවේදනයෙන් සිහිකර සිටී.


http://www.divaina.com/2012/04/09/news11.html


වැඩිම හදිසි අනතුරු අවුරුදු මාසයේ දී

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි


සන්ධ්‍යා කරුණාරත්න

සෑම වර්ෂයකදීම බහුලවම හදිසි අනතුරු සිදු වන මාසය ලෙස අවුරුදු මාසය (අප්‍රේල්) නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දී පවත්වන ගිනිකෙළි, අවුරුදු ක්‍රීඩා නිසා සිදු වන අනතුරු බහුල වීම මේ මාසයේ දී හදිසි අනතුරු බහුල වීමට බලපාන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ගිනිකෙළි පැවැත්වීමේ දී රතිඤ්ඤා අනතුරු නිසා වැඩි වශයෙන්ම වයස අවුරුදු 15 ට අඩු දරුවන් තුවාල ලබන බවත් මීට අමතරව වැඩිහිටියන්ගේ දඩබ්බරකම් නිසා ගිනිකෙළි අනතුරුවලට ගොදුරු වන බවත් අමාත්‍යංශය පවසයි.

රතිඤ්ඤාවලින් වැඩි වශයෙන්ම අනතුරු සිදුවන්නේ ඇස්වලට බව ද අවුරුදු අවසන් වන විට අඩුම තරමින් දරුවන් දහයක් හෝ පහළොවක් පමණ ඇස්වලට අනතුරු වීම නිසා අන්ධභාවයට පත්වන බව ද අමාත්‍යාංශය දැනුම්දෙයි.

පොල්කටු හෝ බෙලෙක් ටින්වලට දමා රතිඤ්ඤා පිපිරවීමෙන් භයානක අනතුරු සිදුවන බව වාර්ෂිකව රෝහල් දත්ත පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. ඔන්චිල්ලා පැදීමට ගොස් ගෙල හිරවීම නිසා ද දරුවන් මරණයට පත් වූ අවස්ථා රැසක් තිබේ. වැඩිහිටි සුපරීක්ෂාව නොමැතිව දරුවන්ට ඔන්චිලි පැදීමට අවසර නොදීමට වැඩිහිටියන් වග බලා ගත යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

රසකැවිලි සෑදීමේදි භාවිතා කරන තෙල් භාජන ආශ්‍රයෙන් සිදු වන පිළිස්සීම් ද අවුරුදු කාලයේ දී බහුල වශයෙන් වාර්තා වේ. දරුවන් උණු තෙල් භාජන අසලින් ඉවත් කර තැබීම වැඩිහිටියන්ගේ වගකීමකි. වැඩිහිටියන් ද වැඩි වේලාවක් ගිනි උදුන් ආශ්‍රිතව රස කැවිලි සකස් කරමින් සිටින විට වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු ය. බිම් මට්ටමින් සකස් කරන අනාරක්ෂිත ලිප් මතට දරුවන් ඇද වැටීම නිසා ද බරපතළ තුවාල සිදුවේ.

බීමත්ව රිය නොපදවන ලෙස ද, විනෝද චාරිකා යාමේදී ප්‍රවේසම් විය යුතු බව ද අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙයි. අවුරුදු උත්සවවලදී පවත්වන පිටි බඳුනේ තිබෙන කාසිය දිවෙන් ගැනීම ක්‍රීඩාවේදී ද ප්‍රවේසම් විය යුතු ය. පිටි භාජනයට ළංව කටින් පිඹීම නිසා ඛ්ුස්ම ගන්නා විට පිටි කෙළින්ම පෙණහැල්ලට ගොස් ස්වසන රෝගවලට ද ගොදුරු වීම සිදුවේ. අවුරුදු දිනවලදී ප්‍රීතිය භුක්ති විඳිය යුතු බවත් සුපරීක්ෂාකාරීව මේ ප්‍රීතිය භුක්ති විඳීමට සියලුදෙනා වග බලා ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඩයනා සමරක්කොඩි මහත්මිය ප්‍රකාශ කරයි.


http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n1204094

No comments:

Post a Comment