සන්ධ්‍යා කරුණාරත්න
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 12,825 දෙනකුට එරෙහිව නඩු පවරා රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ හතළිස් හත්දාහක මුදලක් දඩ වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අයකර ගෙන ඇත.
පසුගිය මාස නවය තුළ රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ දඩ මුදල් අයකර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි. වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ය. එම දිස්ත්‍රික්කයේ 635 දෙනකුට මෙසේ නඩු පවරා ඇත. 575 ක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ද, 531 ක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ද නඩු පවරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. පසුගිය මාස දහය තුළ රට පුරා ඩෙංගු රෝගීන් 20,881 ක් ද, ඩෙංගු මරණ 145 ක් ද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව සියයට පනහකින් අඩු වී ඇති බවත් ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය ඇතුළු මහජනතාවගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අඩු වී ඇති බවත් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.
පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යා හැකි යැයි ද ඒ නිසා තමා ජීවත් වන අවට පරිසරය පිරිසිදුව තබා ගත යුතු යැයි ද හෙතෙම කීය.
http://www.dinamina.lk/2011/11/01/_art.asp?fn=n1111018
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment