අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
ගලෙන්බිඳුණුවැව - හුරුළුවැවේ තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවූ ධීවර කාර්මිකයන් දොළොස් දෙනකුට අයත් දැල් ඇතුළු ධීවර ආම්පන්න තොගයක් උතුරු මැද පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (17 දා) අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් හා තවත් ඉල්ලීම් කීපයකට විසඳුම් ලබා දෙන ලෙසට බල කර සිටිමින් ධීවර කාර්මිකයෝ සිව් දෙනෙක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් හුරුළුවැව නිවාඩු නිකේතනයේ ජල ටැංකියක් මත නැගී ඊයේ (18 දා) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
ඊයේ උදේ 7.00 ට පමණ එම ධීවර කාර්මිකයන් සිව් දෙනා උපවාසය ආරම්භ කිරීමත් සමගම හුරුළුවැවේ ධීවර කර්මාන්තයේ නිරතවන ධීවර කාර්මිකයන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ දෙසියයකට ආසන්න පිරිසක් ජලටැංකිය අසලට වී උපවාසකරුවන්ට සහාය පළ කරමින් විරෝධතාවට එක්ව සිටිති.
තහනම් දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරතව සිටියදී උතුරු මැද පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයන් පසුව මුදාහැර තිබිණි.
මේ අතර ඊයේ පෙරවරුවේ ගලෙන්බිඳුණු වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් උපවාසකරුවන් මුණගැසී උපවාසය නතර කරන ලෙසට ඉල්ලීම් කොට ඇති අතර එම අවස්ථාවේ විරෝධතාකරුවන් පොලිසියට සිය විරෝධය පළ කිරීම නිසා උපවාසය නතර කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් පසුව ඉන් පිටව ගොස් තිබේ.
Source: http://www.divaina.com/2011/07/19/news06.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment