Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
▼
Thursday, September 8, 2011
ළමා අපයෝජකයන්ට සති 3ක් ඇතුළත නඩු
රෝෂන් තුෂාර
ළමා අපයෝජන සිද්ධීන්ට සම්බන්ධ චූදිතයන්ට එරෙහිව සති තුනක් ඇතුළත මහාධීකරණය හමුවේ නඩු පැවරීමට රජය කටයුතු සම්පාදනය කර ඇත.
ළමා අපයෝජන අපරාධ යුක්තිය පසිඳලීමේ පියවර කඩිනම් කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ මෙම කටයුතු සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මේ ජාතික ව්‍යාපෘතිය යටතේ අපරාධ විමර්ශනය ඉහළ වෘත්තීමය භාවයකින් සිදු කරන ආකාරය පිළිබඳ පොලීසිය ඇතුළු රජයේ නිලධාරීන් දැනුවත් කරන අතර එමගින් අපරාධ විමර්ශන කටයුතු කිරීම ප්‍රමාදවීම අවම කිරීමට කටයුතු සම්පාදනය කරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කමලිනි ද සිල්වා මහත්මිය පැවසුවාය. ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳ විමර්ශන කටයුතු ප්‍රමාද වීමෙන් නඩු පැවරීමේ කටයුතු ප්‍රමාදවන බව පෙන්වා දුන් කමලිනි මහත්මිය එමගින් ළමා වින්දිතයින්ට සාධාරණය ඉටු නොවන බවද සඳහන් කළාය.
මේ ජාතික ව්‍යාපෘතිය ගම්පහ මහාධීකරණ කළාපයෙන් ඊයේ (07) ආරම්භ කළ අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරිණි.
එම ව්‍යාපෘතිය අනුව ළමා අපයෝජන අපරාධයක් සිදු වී පැය 24ක් ඇතුළත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අනුව දරුවා වෝහාරික වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කර එම තොරතුරු සියල්ල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ යුතුය.
අපරාධය පිළිබඳ විමර්ශන කටයුතුවලදී පොලිසිය පරිවාස නිලධාරිවරයාගේ, වින්දිත දරුවාගේ දෙමාපියන්ගේ, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ, පොලිස් මූලස්ථානයේ, අපරාධ අධ්යක්ෂවරයාගේ, ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයාගේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබාගත යුතුය.
මේ අනුව පොලිසිය මගින් අපරාධය පිළිබඳව කරන විමර්ශන කටයුතු සති තුනක් ඇතුළත අවසන් කර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 (3) ප්‍රකාරව විමර්ශන සමාප්තිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිය යුතුය.
සැකකරුට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමට අපේක්ෂිතව සියලු වාර්තා ඊට ඇතුළත් විය යුතු බවද එම දැනුවත් කිරීමේදී සඳහන් කෙරිණි.
ළමා අපයෝජිත වින්දිතයින් වින්දිතභාවයට ලක්වීම වැළැක්වීමේ අරමුණින් මෙම ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද අධිකරණ අමාත්‍යාංශය පැවසීය. http://www.dinamina.lk/2011/09/08/_art.asp?fn=n1109089
No comments:
Post a Comment