අනුර බාලසූරිය
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනජීවී සංරක්ෂණ කටයුතු හා සංචාරකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 390 ක් වැය කෙරෙනු ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේය.
ගොවිජන සේවා හා වනජීවී සංරක්ෂණ ඇමැති එස්. එම්. චJද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි "දැයට කිරුළ" වැඩසටහනට සමගාමීව මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙනු ඇත.
සංචාරකයන් වෙනුවෙන් වනෝද්‍යානය තුළ මාර්ග කිලෝමීටර් 100 ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමටත් සංචාරක නිවහන් තුනක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබේ.
වනෝද්‍යානයට ඇතුළුවීම සඳහා තන්තිරිමලේ හා සිලාවතුර ප්‍රදේශවලින් නව පිවිසුම් දොරටු දෙකක්ද ඉදිකෙරෙනු ඇත.
මේ අතර වනෝද්‍යානය තුළ සිටින වන සතුන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන් ඒ තුළ තිබෙන වැව් පහක් ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු යොදා ඇත.
මෙයට අමතරව වනෝද්‍යානය තුළ සිටින අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීමට ඔයාමඩුව ප්‍රදේශයෙන් කිලෝමීටර් 95 ක් දිගට විදුලි වැටක් ඉදිකිරීමටත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
http://www.divaina.com/2011/09/12/news13.html
No comments:
Post a Comment