Wednesday, September 14, 2011

සෞඛ්‍ය අංශ වෙත වාර්තාවෙයි - පසුගිය මාස අටට ඩෙංගු රෝගීහු දාහත් දහසක්‌

ඇන්ටන් ප්‍රනාන්දු

වසරේ පසුගිය අටමාසයක කාලයක්‌ තුළ සෞඛ්‍ය අංශ වෙත වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 16,975 ක්‌ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මෙයින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක්‌ වූ 3471 ක්‌ පසුගිය ජුලි මාසයේදී වාර්තා වූ බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය මත මෙම රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩිවිය හැකි බවට සැක පහළ කර සිටී.

මෙම තත්ත්වය යටතේ ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගු රෝගය මර්දනය කරවීම සඳහා ජනතා සහය අනිවාර්යෙන් ලැබිය යුතු බවද පෙන්වා දෙයි.

තම තමන්ගේ ගෙවත්ත හා අවට පරිසරය පිළිබඳව ජනතාව විමසිලිමත්ව කටයුතු කරන්නේ නම් ඩෙංගු වැනි භයානක රෝග තත්ත්වයන් පාලනය කිරීමට ඊට අදාල සෞඛ්‍ය බලධාරීන්ට පහසුවනු ඇතැයිද පෙන්වා දෙති.

http://www.divaina.com/2011/09/14/news17.html

No comments:

Post a Comment