ලසිත දුමින්ද
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී වන අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැරදිකරුවන් එක්දහස් හයසිය පනස් තුන් දෙනකුගෙන් රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ හැටහත්දහස් දෙසිය හැට අටක දඩ මුදලක් අයකරගෙන ඇත.
එහිදී නීතිවිරෝධී එළිපෙහෙළි කිරීම්, ප්‍රවාහනය, මැණික් ගැරීම්, රජයේ දැව සන්තකයේ තබා ගැනීම් සහ පෞද්ගලික දැව ව්‍යාපාර ලියාපදිංචි නොකිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්ය සාධක වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව නඩු 122 කදී පුද්ගලයන් බන්ධනාගාරගත කර තිබෙන අතර, තවත් නඩු 15 කදී අදාළ සැකකරුවන්ට අවවාද කොට නිදහස් කර ඇත.
එසේම වන අපරාධවලට යොදා ගත් විවිධ වාහන 25 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
http://www.divaina.com/2011/10/22/news11.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment