සන්ධ්‍යා කරුණාරත්න
මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව දැනට නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදන ධාරිතාව ජපන් රජයේ සහාය යටතේ ඉහළ නැංවීමට කටයුතු කෙරේ. ඒ සඳහා වූ ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එක්ව අත්සන් කිරීම පසුගිය සතියේ සිදු කෙරිණි.
නව අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර සිටියේ මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බව ය.
ඒ අනුව මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග සියයක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් නිෂ්පාදනය කිරීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් ඖෂධ වර්ග 50ක් පමණ හා පෞද්ගලික අංශය මඟින් ඖෂධ වර්ග 40ක් නිෂ්පාදනය කිරීම සිදු කෙරේ.
මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට අසූවක් පමණ ගෙන්වන්නේ ඉන්දියාවෙනි.
ඉතිරි සියයට විස්ස වෙනත් රටවලින් ගෙන්වීම සිදු කෙරේ.ඖෂධ ගෙන්වීම සඳහා වාර්ෂිකව රුපියල් දසලක්ෂ 21,000ක් පමණ වැය කෙරේ.
මෙසේ වෙනත් රටවලින් ඖෂධ ගෙන්වීම සිදු කිරීමේ දී නිසිකලට වේලාවට නොලැබීමත්, ගුණාත්මක බවෙන් අඩු ඖෂධ ගෙන්වීමත් නිසාත් පසුගිය කාලයේ ඖෂධ හිඟය ඇති විය. මෙරට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ මේ ගැටලුවට විසඳුමක් ලැබෙන බව ද ඇමැතිවරයා පවසයි.
http://www.dinamina.lk/2011/11/28/_art.asp?fn=n1111282
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
No comments:
Post a Comment