පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි
තුෂාරී කළුබෝවිල
ගෝලීය උණුසුම ඉහළ යැම කෙරෙහි දුම්කොළ වගාව සෘජු ලෙස බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
දුම්කොළ වගාව සඳහා අති විශාල ප්‍රමාණයක් පොසිල ඉන්ධන දහනය කෙරෙන අතර එයින් ගෝලීය උණුසුම ඉහළ දැමීමට ප්‍රධානතම හේතු කාරකයක් වන කාබන් අංශු පරිසරයට මුදාහැරෙන බව ඒ හිමියෝ ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාවේ ගොවීන් 6000 ක් දුම්කොළ වගාවේ නිරතව සිටින අතර එම පවුල් උපයන ආදායමට වඩා ශරීර සෞඛ්‍ය අතින් සිදුවන පරිහානිය හා දුම්කොළ වගාව නිසා සිදුවන පාරිසරික විනාශය වැඩි බව ද රතන හිමියෝ පැවසූහ.
දුම්කොළ වගාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමටත්, දුම්කොළ වගා කරන ගොවීන් විකල්ප වගාවන් කෙරෙහි යොමු කරමින් දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවලින් යෑපුණු පිරිසට විකල්ප රැකියා අවස්ථා ලබාදීමටත් රජය ක්‍රියා කළ යුතු බව ද රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ "ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප භෝග වගාවන්හි බලපෑම" නම් පර්යේෂණ කෘතිය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ජනගත කිරීමේ උළෙල පසුගියදා කොළඹ පැවැති අවස්ථාවේදීය.
http://www.divaina.com/2011/11/26/news26.html
No comments:
Post a Comment