සුභාෂිණී සේනානායක
දෙස් - විදෙස් සංචාරකයන්ගේ ගමන් පහසුව සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීමට ගත් තීරණයක් අනුව මහනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කෙරේ.මේ ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා දොඩම්ගොල්ල – මහර දිගන - අඹකොටේ සහ ගන්නොරුව යන ස්ථාන හතර මේ වන විටත් නිරීක්ෂණය කර තිබේ. මෙයට සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා දිනමිණ ට කීය.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමත් සමඟම රට තුළට පහසුවෙන් හා ඉක්මණින් ළඟාවිය හැකි පරිදි ඉරණමඩුව - නුවරඑළිය සහ මහනුවර ගුවන්තොටුපළ තුනක් ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මුදල් ඇමැති වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ලේඛනයෙන් මේ සඳහා රුපියල් මිලියන 750 ක් වෙන්කර ඇති බව ද ඇමතිවරයා කියයි. 2010 අවුරුද්දේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානා සංඛ්‍යාව 24584 කි.
2011 මුල් කාර්තුවේ එය 32026 දක්වා වැඩි විය. මේ අතර 2011 මුල් මාස හතරේ ගුවන් මගීන් 3,86,0507 ක් ද 2011 වසරේ මුල් මාස හතරේ 4574063 ක්ද ගුවන් මගින් හසුරුවා තිබේ. මේ අතර මඩකලපුව, ත්‍රිකුණාමලය, හිඟුරක්ගොඩ, සීගිරිය නව ගුවන් තොටුපළ ඉදිකිරීමටත්, අනුරාධපුර, පළාලි සහ රත්මලාන ගුවන් තොටුපළ නවීකරණය කිරීමටත් පියවර ගන්නා බවත්, පියංකර ජයරත්න මහතා අවධාරණය කරයි.
http://www.dinamina.lk/2011/12/26/_art.asp?fn=n1112261
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment