ජගත් කණහැරආරච්චි සහ අනුර බාලසූරිය
කිලෝමීටර් 1520 ක් දිග ශ්‍රී ලංකා මුහුදු වෙරළ තීරයෙන් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තව ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 569 ක් තරම් සීමිත භූමි ප්‍රමාණයක් යෑයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව සංචාරක, ධීවර යන අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වෙරළ තීරය යොදා ගැනීම පිළිබඳ දැඩිව සිතා බැලීමට සිදුවන බවද ඒ මහතා පැවැසීය.
කිලෝමීටර් 1520 ක් දිග මුහුදු වෙරළක් ශ්‍රී ලංකාව වටා පිහිටියද, වෙරළ ඛාදනය හේතුවෙන් මින් කිලෝමීටර් 267 ක ගල් දැමීම මගින් සංරක්ෂණය කර ඇතැයි ද, ඉතිරි ප්‍රමාණයෙන් කිලෝමීටර් 350 ක් වනජීවී රක්ෂිත ලෙසද, ධීවර වරාය හා නැංගුරම් පළවල් සඳහා කිලෝ මීටර් 14 ක් සහ සංචාරක කටයුතු වෙනුවෙන් තවත් කිලෝමීටර් 40 ක් වෙන්වී ඇතැයිද වැලි කඳු, කඩොලාන වැනි සංවේදී පරිසර පද්ධති වෙනුවෙන් තවත් කිලෝමීටර් 280 ක්ද වෙන්කර තැබීමට සිදුව ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
2015 වසර වනවිට පවතින ධීවර කටයුතු දෙගුණයකින් ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබෙනවා. සංචාරක කර්මාන්තයද ශීඝ්‍ර දියුණුවකට ලක්වෙමින් පවතිනවා. මේ සියලු කටයුතු වෙනුවෙන් යොදාගත යුතුව පවතින්නේ කිලෝමීටර් 569 ක වෙරළ කලාපයක් පමණයි.
එනිසා දැඩි වෙරළ සංරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීමට තම දෙපාර්තමේන්තුවට සිදුවන බවද සංවර්ධන කටයුතු සඳහා විකල්ප වෙරළ ඉඩම් හඳුනාගැනීමට සිදුවන බවද වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2012/01/29/news06.html
No comments:
Post a Comment