- ජලාපවහන මණ්ඩලය කියයි
ලසිත දුමින්ද
පවතින වියළි කාලගුණික තත්ත්වය මත කළුගඟේ ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් ගංගා ජලයට කරදිය මිශ්රවීම නිසා නළ මාර්ගවලින් බෙදාහරින ජලයෙහි ලවණ සාන්ද්‍රණය ඉහළ ගොස් ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
එසේම වඩදිය අවස්ථාවලදී මෙම ලවණ සාන්ද්‍රණ තත්ත්වය අධික වන බැවින් ජලය බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව ද මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මත වාද්දුව, වස්කඩුව, කළුතර, පයාගල, බේරුවල, අලුත්ගම, බෙන්තර යන ප්‍රදේශවල ජල පාරිභෝගිකයන්ට සතුටුදායක ලෙස ජලය ලබාදීමට අපහසුතා සිදුව ඇතැයි ද මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් පාරිභෝගිකයන්ගේ ජල අවශ්‍යතා සැපිරීම සඳහා තාවකාලික ජල ටැංකි අදාළ ප්‍රදේශවල ස්ථානගත කිරීමට මණ්ඩලය කටයුතු කර ඇත.
මීට අමතරව වාද්දුව හා බණ්ඩාරගම ජලසම්පාදන පරිශ්‍රයේදී පානීය ජලය ලබාගත හැකි බව ද ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
http://www.divaina.com/2012/01/28/news18.html
No comments:
Post a Comment