තාරක වික්‍රමසේකර
බස්නාහිර පළාතේ සියලුම පාසල් වෑන් රථ සම්බන්ධව තොරතුරු රැස් කර නියමිත ගාස්තු සේවාවක් අය කිරීම ඇතුළු ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති පියසේන දිසානායක මහතා පවසයි.
එමඟින් මවුපියන්ට අසාධාරණයක් නොවන ලෙස වෑන් රථ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට හැකි වන පරිදි ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමත් පාසල් වෑන් රථ රියැදුරන්, වෑන් රථ පාලිකාවන් ඇතුළු සියලු සේවකයන්ගේ දත්ත රැස් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා කීය.
බස්නාහිර පළාතේ පමණක් මේ වන විට පාසල් වෑන් රථ 8000 ක් පමණ ධාවනය වන බව ද මේ වන විට තොරතුරු රැස් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර ඇතැයි ද ඒ මහතා කීය.
http://www.silumina.lk/2012/02/26/_art.asp?fn=aa12022610
No comments:
Post a Comment