විජයානි එදිරිසිංහ
අතිකාල සේවය යටතේ පැවරුණ රාජකාරිය වංචනික ලෙස මග හරිමින් දුම්රිය සුළු සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි ගණනක අතිකාල වැටුප් ලබා ගන්නා බව හෙළි වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සුළු සේවකයෝ දස දහසකට වැඩි පිරිසක් සිටිති.
දුම්රිය ප්රවාහන අංශයේ සුළු සේවකයන් සහ මාර්ග අංශයේ සුළු සේවකයන් විශාල පිරිසක් මේ වංචනික සේවයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ සොයා බැලීමක දී හෙළිදරව් වී ඇත.
දුම්රිය පිරිසිදු කිරීම, මාර්ග අලුත්වැඩියා කිරීම මොවුන්ට පැවරෙන ප්රධාන රාජකාරී වෙයි. දවස පුරා ධාවනය කෙරෙන දුම්රිය වැඩි ප්රමාණයක් දුම්රිය අංගණවලට අමතරව අවසන් දුම්රිය ස්ථානවල ගාල් කෙරේ.
එසේ ගාල් කළ දුම්රිය අතු ගා පිරිසිදු කර දොර, ජනෙල් වසා දැමීමේ සම්පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ සුළු සේවකයන්ට ය. එහෙත් දැනට ධාවනය කෙරෙන දුම්රිය අතරින් හතරෙන් තුනක්ම එසේ පවිත්ර කිරීමට ලක් වී නොමැත.
ජනෙල් වසා නොදැමීම නිසා දුම්රිය ඇතුළත සම්පූර්ණයෙන්ම වැස්සට තෙමී යයි.
රාත්රි කාලයේ දී බල්ලන් පූසන් වැනි සතුන් දුම්රිය මැදිරි ළඟ අපිරිසිදු කර ඇති බව ද අනාවරණය වී තිබේ.
කොළඹ කොට්ඨාසයේ ප්රවාහන අංශයේ සුළු සේවකයන් වෙනුවෙන් පසුගිය මාසයේ පමණක් රුපියල් කෝටි තුනකට ආසන්න අතිකාල මුදලක් ගෙවා තිබේ. නාවල සහ අනුරාධපුර කොට්ඨාසවල ප්රවාහන අංශයේ සුළු සේවකයන් සඳහා ද රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවා ඇත.
දුම්රිය ස්ථානවල ගාල් කරන දුම්රිය පිරිසිදු කිරීමේ යෙදී සිටින සුළු සේවකයන් ගේ වගකීම පැවරී ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙතය.
මාර්ග අංශයේ සේවයේ නියුතු සුළු සේවකයන් පෙරවරු 11ට පමණ රාජකාරිය අවසන් කරති.
එහෙත් ඔවුන් රාත්රි 10 වනතෙක් සේවය කළ බවට අතිකාල සටහන් යොදන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය. මේ පිරිස් සේවයේ යෙදී සිටිනවා ද නැද්ද යන්න සොයා බැලීමට වැටලීම් කණ්ඩායම් පත්කර සිටියද එවැනි වැටලීම් සිදු නොවන බව වාර්තා ;වයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ බොහෝ අංශවල සුළු සේවකයන් රුපියල් පනස් දහසක පමණ මාසික ආදායමක් ලබා ගන්නා බව ද හෙළිදරව් වෙයි.
දුම්රිය සේවය නගා සිටුවීම සඳහා රජය රුපියල් කෝටි ගණනින් මැදල් වැය කළත් එම මුදලට සරිලන සේවයක් නොකරන විශාල පිරිසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින බවද අදාළ නිලධාරියා පැවසී ය.
http://www.dinamina.lk/2012/04/19/_art.asp?fn=n1204193
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment