ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ඩබ්. එම්. වික්රමසිංහ - කන්තලේ
සුන්නක්කාඩු රක්ෂිතයේ බෝගස්පිටිය ප්රදේශයේ දී දැව කපා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනකු හා ගොනුන් දෙදෙනකු බැගින් බැඳිය හැකි කරත්ත (බර කරත්ත) දොළහක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ කන්තලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සමත්වූහ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 28 ත් 60 ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් සියලු දෙනා කින්නියා ප්රදේශයේ පදිංචිකරුවන් බවත් එම බළකාය පවසයි.
මෙහිදී දැව කඳන් හැත්තෑවක්ද, කරත්ත දොළහක්, ගොනුන් විසි හතරක් පොරොව දහයක්, කැති, හරස් කියත් ඇතුළු තවත් දෑ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහහතරකට අධික බව හෙළිවී තිබේ.
ත්රිකුණාමලය ප්රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි එම්. කේ. එස්. එන්. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකායේ කන්තලේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
http://www.divaina.com/2011/09/20/news11.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment