මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
මධ්‍යම කඳුකරයේ ජල පෝෂිත, මහවැලි ජලාශ සහ ස්වාභාවික ජල මූලාශ්‍ර කලාපවල අක්කර දෙදහසක් ගිනි තබා විනාශ්ර කිරීම නිසා ජෛව විවිධත්වයට සහ ජලාශවලට බරපතළ තර්ජනයක් එල්ලවී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අක්කර දෙදහසකට අධික වනාන්තර ප්‍රමාණයක් ඊයේ (23 දා) වන විට ගිනි තබා වනසා දමා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
මධ්‍යම පළාත් මහවැලි ජලාශ, ජල පෝෂිත සහ ස්වාභාවික ජල මූලාශ සඳහා ජලය සැපයෙන හදවත වන මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගනිමින් මහවැලි ජලාශ ගණනක් පෝෂණය වේ.
ඊයේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අක්කර 1250 ක් පමණ පසුගිය නියඟයත් සමඟ ගිනි තබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකාර සහකාර අධ්යක්ෂ එරන්දන හේමවර්ධන මහතා කීය.
මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර පන්සියයට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අයි. ඒ. කේ. රණවීර මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නකල්ස් ආශ්රිත කලාපය තුළ ගිනි තැබීම් සිදුව ඇත.
වන සතුන් දඩයම් කිරීම, මීපැණි සහ බඹර පැණි කඩන්නන්, විනෝදයට වනාන්තර ගිනි තැබීම් බහුල වීම නිසා මධ්‍යම පළාතේ වනාන්තර විනාශයට පත්වෙමින් ඇත.
http://www.divaina.com/2011/09/24/provin02.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment