සරත් ධර්මසේන
පුද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට එරෙහිව 2011.5.30 දා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමේදී වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සේවකයෙක් පොලිසියෙන් රුපියල් හැටලක්ෂයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.
පෙත්සම්කරු ආඬිඅම්බලම අශෝකාරාම පාර අංක 346 පදිංචි ඒ. එම්. ධම්මික අත්තනායක නමැති අයෙකි.
පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටියේ තමන් කිසිදු ආකාරයකින් එකී විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ නොවූ බවයි.
පෙත්සමේ සඳහන් අන්දමට ඔහු µsනෑන්ස් සමාගමක් මාර්ගයෙන් මිලදීගෙන තිබූ ත්‍රිරෝද රථයක් සඳහා ගෙවිය යුතු වාරිකය ගෙවීමට බැංකුවකට රන් භාණ්ඩ උකස් කර රුපියල් 9000 ක් ලබාගෙන වාරිකය ගෙවා එම ස්ථානයෙන් පිටවී යැමට යතුරුපැදියට ගොඩවීමට සූදානම් වනවාත් සමග වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.
ඒ අවස්ථාවේ පසුපසින් වෙඩි ශබ්දයක් ඇසී බලන විට තුවක්කු අත ඇතිව සිටි පොලිස් රාලහාමිලා දෙදෙනෙක් හෝ එක් අයෙක් අහසට වෙඩි තබමින් සිටි අතර අනික් තැනැත්තා ඔහු සිටි දෙසට වෙඩි පහර එල්ල කරනවා දැක ඇත. දකුණු කකුලට වැදුන වෙඩි පහරින් තුවාල වී බිම ඇදවැටුණු ඔහු අසල සිටි දෙදෙනකු විසින් සීදුව විජය කුමාරතුංග රෝහලට ගෙන ගිය බවත් ඊට පසුව උතුරු කොළඹ රාගම රෝහලට මාරුකර යෑවූ බවත් එහිදී ශල්‍යකර්මයකට භාජන කරනු ලැබූ බවත් නැවත ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබාගැනීම නිසා රෝහල් ගාස්තු වශයෙන් රු. 1,92,774 ක් දැරීමට සිදුවූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ඔහු වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල නිසා ඇතිවූ රෝගී තත්ත්වයෙන් තවම සම්පූර්ණ සුවය ලබා නැති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කළ මතය අනුව දකුණු කකුල යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි වග කියා ජීවිතයේ ඉදිරි කාලසීමාව කිහිලිකරුවක උපකාරයෙන් ගත කිරීමට සිදුවන බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කටුනායක, සීදුව, පොලිස් ස්ථානාධිපතිවරු, මීගමුව, නියෝජ්‍ය පොලිස්පති ,පොලිස්පති, එස්. කේ. අබේකෝන්, නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. නීතිඥ සංජීව කළුආරච්චි මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.
http://www.divaina.com/2012/01/28/news16.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment