අධිවේගී මඟට තවත් ලංගම බස් 2ක්
ශීලා උඩුවර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මතුගම සිට කොළඹ පිටකොටුව දක්වා තවත් අධි සුඛෝපභෝගි බස්රථ දෙකක් ධාවනයට යොදවන බව ශ්රී ලංගම සභාපති එම්.ඩී.බන්දුසේන මහතා පැවසීය.
මතුගම බස් නැවතුම්පළෙන් දොඩංගොඩ පිවිසුමෙන් අධිවේගි මාර්ගයට පිවිස කොට්ටාව සිට පිටකොටුව දක්වා ධාවනය කෙරේ.
දැනට මේ මාර්ගයේ සුඛෝපභෝගි බස්රථ 6 ක් ධාවනය කෙරෙන අතර මගීන් එම බස්රථ වලින් යාමට දැඩි උනන්දුවක් දක්වන බව සභාපතිවරයා කීය.
http://www.dinamina.lk/2012/01/26/_art.asp?fn=n1201267
අධිවේගී මාර්ගයේ ධාවනයට පෞද්ගලික බස්රථ 2ක් හෙට සිට
අකිත පෙරේරා
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙහි පෞද්ගලික මගී බස්රථ සේවාව හෙට (27 වැනිදා) සිට ආරම්භ කරන බව පෞද්ගලික මගී ප්රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා "දිවයින"ට පැවසීය.
ප්රථමයෙන් ඒ සඳහා පෞද්ගලික බස්රථ දෙකක් ධාවනය සඳහා එක් කෙරෙන බවද කී ඇමැතිවරයා එම මාර්ගයෙහි ධාවනය කෙරෙන ලංගම බස් සඳහා අයකෙරෙන ගාස්තුවම මේ සඳහා ද අයකරන බව කියා සිටියේය.
ඒ අනුව පෞද්ගලික බස්රථ යෙදවීම සී. බී. රත්නායක ඇමැතිවරයාගේ ප්රධානත්වයෙන් හෙට කොට්ටාවේදී ආරම්භ කෙරෙන අතර මේ වන විට අධිවේගී මාර්ගයෙහි ලංගම බස්රථ හයක්ද ධාවනය සඳහා යොදවා ඇත.
http://www.divaina.com/2012/01/26/news34.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment